ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

174

විශ්‍රාමික ජෙනරාල්, කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඊයේ (22 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත විසින් යළි පත්කරන ලදි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම සිදුකර ඇත. කමල් ගුණරත්න මහතා අදාළ තනතුරට මුල්වරට පත් කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් මස විසි වැනිදාය. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසිනි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment