ආරක්‍ෂක වැය අඩුකර ත්‍රස්ත පනත ඉවත් කරන්නැයි වාර්තාවක්

144

ආරක්‍ෂක වැය අඩු කරන ලෙසත් ත්‍රස්ත මර්දන පනත වෙනුවට වෙනත් පනතක් කෙටුම්පත් කරන ලෙසත් ඉල්ලමින් පිටු 16 කින් යුත් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඊයේ  (14 දා) ඉදිරිපත් කර ඇත.

ජිනීවා වැඩ බලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂීර් ඉදිරිපත් කළ මෙම වාර්තාවෙන් මෙරට මානව හිමිකම්වලට අමතරව ආරක්‍ෂක, ආර්ථික සහ දේශපාලන කටයුතුවලට ද ඍජුව මැදිහත් වී තිබේ.

සිවිල් කටයුතු හමුදාකරණය කිරීම අත්හිටුවන ලෙස ද දූෂණ ක්‍රියා ගැන විමර්ශන පවත්වන ලෙසද යුද අපරාධ සිදුකළ අයට සම්බාධක පනවන ලෙස ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

මෙම ජිනීවා වාර්තාවෙන් ලොව වෙන කිසිදු රටකට නැති තරම් චෝදනා එල්ල කර තිබේ. අල්ලස් හා දූෂණ ක්‍රියා ගැන ක්‍රියාකිරීමට විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ද එම වාර්තාවෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment