ආරක්ෂක හිස්වැසුම පරිත්‍යාගය මරණයකින් කෙළවර වෙලා

255

කහවත්ත – සමරවීර නිරොෂණ ආරක්ෂිත හිස් වැසුමක් නොපළදවා යතුරු පැදියක් ධාවනය කළ 39 හැවිරිදි එක් දරු පියකු යතුරු පැදිය පෙරළීමෙන් හිසට සිදු වූ බරපතළ තුවාල නිසා මරුමුවට පත්විය. ගොඩකවෙල, රන්වල මාර්ගයේ අම්බැවිල ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබේ. කහවත්ත මූලික රෝහලේදී මේ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පැවත්විණ.

මිය ගොස් ඇත්තේ එච්. ශාන්ත නැමැති රන්වල ප‍්‍රදේශයේ පදිංචි කරුවකි. කහවත්ත වැඩබලන හදිසි මරණ පරීක්ෂක හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් කහවත්ත මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය. මිය ගිය පුද්ගලයා සමග යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවට සුළු තුවාල සිදු වී ඇතැයි ද මිය ගිය අයගේ ආරක්ෂිත හිස් වැසුම ඇයට ලබාදී ඔහු හිස් වැසුමක් නැතිව යතුරු පැදිය ධාවනය කර ඇතැයිද මෙහිදී හෙළි විය.

advertistmentadvertistment
advertistmentadvertistment