ආරණ්‍යවාසී හිමියෝ ගල් කුටිය ඇතුළේ අභිරහස් ලෙස ගිනිගෙන මියගිහින්!

1583

කවුරුවත් නමක් ගමක් දන්නේ නෑ

තිස්සමහරාම, කාවන්තිස්සපුර වන රක්ෂිතයෙහි වෙහෙරගලකන්ද ගල් කුටියක භාවනායෝගිව වැඩ විසූ ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ නමක් පිළිස්සී ගල්කුටිය තුළදීම අභිරහස් ලෙස අපවත් වී සිටියදී උන්වහන්සේගේ මළ සිරුර ඊයේ (31 දින) ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.

අවුරුදු 25ක් පමණ වයසැති මෙම භික්ෂුන් වහන්සේ මීට මාසයකට පමණ පෙර මෙම ස්ථානයට වැඩම කර තිබේ. අපවත් වී ඇති උන්වහන්සේ කවුරුන් ද යන්න හඳුනා ගැනීමට නමක් හෝ ලිපිනයක් ගම්වාසීන් නොදන්නා බව තිස්සමහරාම පොලිසිය පැවසීය.

තිස්සමහරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 29 වැනිදා මෙම හිමි නමට ගිලන්පස පූජා කිරීමට කුටියට පැමිණ ඇති බවත්, එදින රාත්‍රී මෙම මරණය සිදුවන්නට ඇති බවටත් ගම්වාසීහු සැක කරති.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

අධිකරණ නියෝග මත තිස්සමහරාම හදිසි මරණ පරික්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා විසින් හදිසි මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment