ආරවුල දුරදිග ගොස් – පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරයි

531

පෙම්වතිය සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් පෙම්වතා විසින් තම පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් පෙරේදා (10දා)  මැදිරිගිරිය පොලිසියෙන් වාර්තා වේ.

පොලොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමට අයත් මීගස්වැව අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පෙම්වතිය සමග ඇතිකර ගත් ආරවුලක් දුරදිග ගොස් පිහියෙන් ඇන පෙම්වතිය ඝාතනය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගස්වැව, අඹගස්වැව, යාය 11 ,අංක 196 හි පදිංචිව සිටි කේ.කේ.ජී. මධුෂිකා කුමාරි රත්නායක නම් 21 හැවිරිදි තරුණියකි. සැකකාර පෙම්වතා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මැදිරිගිරිය පොලිසිය විසින් සිදුකෙරේ.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment