ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමෙන් පසු මෙසී සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙයි

1039

මෙසී සහ සිය බිරිඳ ඔවුන්ගේ දරුවන් දෙදෙනා සහ සහෝදර ක්‍රීඩකයන්ගේ දරුවන් දෙදෙනකු සමග

අතිරේක කාලයෙන් පසුව ගෝල 3-3ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසුව දඬුවම් පහර 4-2ක් ලෙස පසුගිය ලෝක ශුරයන් වූ ප්‍රංශය පරාජය කළ ආර්ජන්ටිනාව ඉරිදා ලෝක කුසලානය දිනා ගත්තේය. මීට වසර 36කට පෙර ආර්ජන්ටිනාවට ලෝක ශූරතාව ගෙන ඒමේදී මැරඩෝනා දැක්වූ නොපසුබස්නා දක්ෂතාව සහ සටන්කාමී ස්වභාවය මෙසී පසුව ප්‍රදර්ශනය කළේය. ලියොනල් මෙසී ආර්ජන්ටිනාවේ ප්‍රමුඛතම ගෝල ලාභියා වූ අතර එනිසාම සර්වකාලීන ශ්‍රේෂ්ටතම ක්‍රීඩකයා බවට පත්විය. ලුසෙයිල් ක්‍රීඩාංගණයේ පැවැති ඇදහිය නොහැකි ලෝක කුසලාන අවසන් මහා තරගයේ බොහෝ අවස්ථාවල ලයනල් මෙසී, ප්‍රංශ ක්‍රීඩක කයිලියන් ම්බප්පේ හා සමාන කර ඇතත් අවසානයේ මෙසී ලෝක කුසලානය සිය රටට දුන්නේය. ආර්ජන්ටිනාව ලෝක කුසලානයට පිවිසියේ කුසලානය දීනා ගන්නා ප්‍රමුඛතම කණ්ඩායමක් ලෙසින් වුවත් ආරම්භක තරගයේදී සෞදි අරාබිය හමුවේ පරාජයක් ලැබීම බොහෝ දෙනා විමතියට පත් කළේය. නමුත් අවසානයේ ආර්ජන්ටිනාව ලෝක ශුරයන් බවට පත්විය.

ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමෙන් පසු මෙසී සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙයි
තරගාවලියේ වීරයෝ

තම රට වෙනුවෙන් වූ අවසන් ලෝක කුසලාන තරගයේදී මෙසී සෑම තැනකම සිටියේය, පළමුව සෑම පන්දුවකටම, ඔහුගේ සුවිශේෂ හැකියාව කැපී පෙනේ. ඔහුගේ සමත්වීම අතිමහත්ය. 1986 වසරේ ආර්ජන්ටිනාව ඔවුන්ගේ දෙවෙනි ලෝක කුසලානය දිනා ගන්නා විට මෙසී උපත ලබා සිටියේ නැත.

ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමෙන් පසු මෙසී සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙයි

මෙසී ඩියාගෝ මැරඩෝනා අනුකරණය කළත් මේ ජයග්‍රහණයෙන් පසු සර්වකාලීන ශ්‍රේෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට පත් වූයේය. මෙසී සමහර විට සර්වකාලීන ශ්‍රේෂ්ඨයා ද යන්න පිළිබඳ විවාදයක් මතුව තිබුණද 37 හැවිරිදි රොනාල්ඩෝට වඩා ඔහු සුපිරි බව තම රටට ලෝක කුසලානය දිනා දෙමින් තහවුරු කළේය.

ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමෙන් පසු මෙසී සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙයි

මෙතෙක් පැවති හොඳම ක්‍රීඩකයා පිළිබඳ විවාදය සම්බන්ධයෙන් ගත් කල, මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ නාමාවලියට පේලේ සහ මැරඩෝනා සමඟ එක්වීමට මෙසීට ලෝක කුසලානය දිනිය යුතු බව සැමවිටම තර්ක විය. ඔහු දැන් එය ඉටුකළේය. මෙසී පසුගිය වසරේ කෝපා ඇමෙරිකා ශූරතාව දක්වා ඔහුගේ කණ්ඩායම රැගෙන ගියේය.

ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමෙන් පසු මෙසී සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙයි

මෙසී සහ රොනාල්ඩෝ විසින් වසර ගණනාවක ආධිපත්‍යය දැරීමෙන් පසු පාපන්දු ක්‍රීඩාවේ නව සුපිරි තරුව වන ම්බප්පේ රන් සපත්තුව සඳහා වූ තරගයේදී මෙසීට වඩා ඉදිරියෙන් සිටියද ඔහුට ප්‍රංශයට දෙවන ලෝක කුසලානය දිනා දීමට නොහැකි විය.
චතුර පමුණුව

ආර්ජන්ටිනාවට ලෝක කුසලානය දිනා දීමෙන් පසු මෙසී සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙයි

advertistmentadvertistment
advertistmentadvertistment