ආර්ථිකය කඩා වට්ටපු චෞරයන්ට එරෙහිව ක්‍රියාකළ යුතුයි!

91

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) – පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා)

අපි එකතු විය යුතුයි. ඒ එකතු විය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට. හාල් මෙටි්‍රක් ටොන් මිලියනයක් පිටරටින් ගෙනාවා. හාල් අතිරික්තයක් තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. අතිරික්තය ඇති වුණේ ඒ නිසයි.

රටේ ආනයන සීමාවන් රැසක් තිබුණා. බොහෝ බදු 2020 ඉක්මවා යෑමක් ආදායම් මාර්ග ඇහිරී ඇති වෙලාවක බදු පැනවීම යුක්ති සහගත නෑ. ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි.

උපයන විට බද්ද විශාල ලෙස වැඩි වී තිබෙනවා. මේ මාසයේ වැටුපට එය ඇතුළත් වෙලා. වෘත්තීයවේදීන් අද අසරණ වෙලා. අසීමිත බද්දක් පනවලා වෘත්තීයමය ශ්‍රමයට ලොව හොඳ අවස්ථා තිබියදී ඔවුන් ලංකාවේ රැඳී සිටින්නේ. වැටුපට සරිලන ලෙස ණය සහන හා අනෙකුත් වියදම් හදාගත්තා. මේවා නොතකා බදු පැනවූවා. බැංකු පද්ධතිය අද පවත්වාගෙන යෑමේ අර්බුදයක් තිබෙනවා. තමන්ගේ වැටුපෙන් මුදලක් කපාගන්නවා නම් ආර්ථිකය කඩා වට්ටපු චෞරයන්ට එරෙහිව ක්‍රියාකළ යුතුයි. ඔවුන් හොඳින් වැජඹෙනවා.

අද කර්මාන්ත පද්ධතිය විශාල අවුලකට ලක් වෙලා. මේ ගැන හිතා පනත් සම්මත කළ යුතුයි. චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න යනවා. මේ නිසා දේශීය නිෂ්පාදකයා බියට පත්වෙලා. මේ ගිවිසුම් අත්සන් කළොත් ඉතිරි වී තිබෙන කර්මාන්තශාලා ටිකත් විනාශ වේවි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment