ආර්ථිකය මේ වසරේදී හරි පාරට – මහ බැංකුව කියයි

121

කාලෝචිත ලෙස නිවැරැදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමග දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්‍ෂිත වැඩි දියුණුවීම් මගින් මේ වසර (2023) තුළදී ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇතැයි මහ බැංකුව පවසයි.

මේ අතර විදේශ විනිමය ප්‍රවාහයේ අපේක්‍ෂිත වර්ධනයවීම් සහ එහි ප්‍රතිඵළයක් ලෙස ව්‍යාපාර හා ආයෝජකයන්ගේ අපේක්‍ෂා වැඩිදියුණු වීම මගින් ඉදිරි කාලය තුළදී ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වී ශක්තිමත් කරනු ඇති බවද ජනලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද දල දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුවලට අනුව ගිය වසරේ (2022) සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නමය තුළදී සියයට 7.1 කින් පසුබෑමට ලක්ව ඇත. 2022 වසරේ අවසාන කාර්තුවේදී ද ආර්ථික කටයුතු සංංකෝචනය වීම හමුවේ ගිය වසරේ (2022) සමස්ත ආර්ථික වර්ධනය සියයට 8 කින් පමණ පසුබෑමට ලක්වනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment