ආර්ථිකය විනාශ කර  ඩොලර් බිලියන 19 ක්  හොරා කෑ අයට රටින්  පිටවීමට තහනම් කරන්න – පාලිත රංගෙ බණ්ඩාර

267

මෙරට ආර්ථිකය විනාශ කර ඩොලර් බිලියන  19 ක් හොර කෑ දූෂණ සහ අක්‍රමිකතා චෝදනාවන්ට ලක්වූ දේශපාලකයන්ට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය හරහා නෛතික පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.

දූෂණ චෝදනා ලබා ඇති මෙරට දේශපාලන බලවතුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලය ලබා ගන්නා රජයකට හැකියාව පැවතියත් එයට අධිකරණය හරහා මෙරට පවතින නීතිය යටතේ නෛතික වටිනාකමක් ද ලබාගත යුතුව පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

“දූෂිත දේශපාලකයන්ට රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අද පාකිස්තානය ද පියවර ගනිමින් සිටිනවා. අපේ රටේ ද මෙවැනි දූෂිත සහ අයථා ක්‍රම මගින් රටේ මුදල් අවභාවිත කළ දේශපාලන බලඅධිකාරීන් පිළිබඳව කරුණු හෙළි වෙමින් පවතිනවා. පැන්ඩෝරා පත්‍රිකා වගේම උගන්ඩාව ඇතුළු රටවල් කිහිපයක මෙම පුද්ගලයන් ධන ආයෝජනයන් දූෂිත ලෙස සිදු කර ඇති බවට දැන් තහවුරු වෙමින් පවතිනවා. මේ පිළිබඳව නිසි විමර්ශන ආරම්භ කළ යුතුව තිබෙනවා.

මෙරට සිදුව ඇති විශාල මුදල් මංකොල්ල කෑම් පිළිබඳව වැඩිම චෝදනා ඉදිරිපත්ව ඇත්තේ රාජපක්ෂවරුන්ට ඔවුන්ගේ ලේ ඥාතීන්ට සහ සමීපතයින්ට.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment