ආර්ථිකය ස්ථාවර කිරීමට උපදෙස් දීමට  – අගමැතිගෙන් ඉහළ පෙළේ විශේෂඥ කමිටුවක්

207

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ විශේෂඥ කමිටුවක් පත් කිරීමට නියමිතය.

හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත් කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත. මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ශාමිනි කුරේ සහ ශාන්ත ඩැනියෙල් යන මහත්ම මහත්මීන් නම් කෙරෙනු ඇති බව ද වාර්තා වේ.

මීට අමතරව දේෂාල් ද මෙල්, ආචාර්ය සරත් රාජපතිරණ, දිනේෂ් වීරක්කොඩි, අනුෂ්ක විජේසිංහ, ඩැනියෙල් අල්පොන්සෝ සහ දුෂ්නි වීරකෝන් යන මහත්ම මහත්මීන් ද ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා උපදෙස් ලබාදීමේ කමිටුවට නම් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මේ කමිටුව මුදල් සහ ආර්ථික ස්ථායිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ද එමගින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඉක්මන් ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment