ආර්ථිකය ස්ථාවර කිරීමේ ජාතික වැඩපිළිවෙළකට සජබ සහාය දෙනවා – හරීන් ප්‍රනාන්දු

217

ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබාදෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දැනට රට තුළ පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳව සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය අවධානය යොමුකර ඇති බව කොළඹ පෙරේදා (07දා) පැවැති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ සහ පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවයක් ලෙස සලකන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදී ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව, මෙම අර්බුදය විසඳීම සඳහාවූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබාදීමට තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment