ආර්ථිකය හදන්න එක් නොවුණොත් ගුටි කන්න වෙනවා

102

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට නම් පක්ෂවලට නොබෙදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එක් විය යුතු බවත් එසේ නොවුණහොත් සියලු දෙනාටම මහජනතාවගෙන් පහරකෑමට ලක්වීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

දේශපාලනය කිරීමේදී බෙදී වෙන්වී කටයුතු කරමු යැයි ද මේ මොහොතේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා එක්වෙමු යැයි ද ඒ මහතා සඳහන් කරයි.

අපේ ආර්ථිකය කඩා දැමීමට ඇතැම් විදේශ නියෝජිතයන් කටයුතු කරන බවත් ඊට අපේ දේශපාලන නියෝජිතයන් ද නොදැනී හෝ හසුවී ඇති බවත් පවසන ඒ මහතා පසුගිය දිනවල පැවැති අරගල සඳහා ඔවුන් එක්ව කටයුතු කළ බව ද පවසයි. නිදහස ලබා වසර 75ක් ගතවන විටත් අප රට බංකොලොත් බවින් පැවතීම ගැන පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ලැජ්ජා වියයුතු බවද හෙතෙම සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ පැවැති අය වැය විවාදයට එක්වෙමින් ඒ මහතා ඉකුත් 18 වැනිදා මේ බව පැවසීය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment