ආර්ථිකය 8.4 කින් පස්සට යයි

137

මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.4කින් සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇත.

මේ අනුව 2021 වසරේ දෙවන කාර්තුවේ රු. මිලියන 303,8855 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී රු. මිලියන 278,2114 ක් දක්වා අඩුවී තිබේ.

මෙම ඍණ 8.4ක ආර්ථික වර්ධනය නියෝජනය කරන කෘෂිකර්ම අංශය සියයට 8.4 කින් ද, කාර්මික අංශය සියයට 10 කින් සහ සේවා අංශය සියයට 2.2 කින් ද පසුබෑමට ලක්වෙමින් ඍණ වර්ධනයන් වාර්තා කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ පැවති අර්බුදකාරී තත්ත්වය, පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යෑම, මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් පැවති බාධාවන් සහ ඉහළ උද්ධමනය මගින් ඇති කළ පීඩනය හමුවේ අත්‍යවශ්‍ය නොවන සේවාවන් සඳහා පොදු මහජනතාවගේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් කෘෂිකර්ම, කර්මාන්ත මෙන්ම සේවා සැපයීමේ කටයුතුවලට මෙම කාර්තුවේදී බාධා ඇතිව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment