ආර්ථිකය 8.7% කින් පසුබසී

140

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ (2022) දී සියයට 8.7 කින් පසුබෑමට ලක්වනු ඇතැයි සියයට 8.7 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාව උග්‍ර ආරථික අර්බුදයකට මුහුණදී සිටින බවද බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ඇති ආරක්‍ෂණය ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය තත්ත්වය හේතුවෙන් ආදායම වර්ධනය වී ඇති බවද එම අරමුදල කියයි.

පසුගිය අප්‍රේල් මාසයේදී විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සමග ශ්‍රී ලංකාව තම විදේශ වගකීම් පියවීම කල්දැමූ අතර තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතින විදේශ සංචිත ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වීම මගින් ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් අඩාල කළ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment