ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී ජනතාවගෙන් බදු ගැසීම සුදුසු නෑ – අනුර කුමාර දිසානායක (ජාජබ)

138

පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානයක (ජ.ජ.බ)

වතුකරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා. බෙහෙත්, ආහාර දැඩි හිඟයක් පවතිනවා. භාණ්ඩ මිල ඉහළ ගිහින්. පොලී මුදල් අගය වැඩි කිරීම නිසා ණය ලබාගත් අය අසරණ වෙලා. ඒ නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසිය යුතුයි.

අද සංඛ්‍යා දත්ත හා මහ පොළවේ තත්ත්වය අතර විශාල අසාමාන වෙනසක් තියෙනවා.

ලක්ෂ 23 ක් වන දරුවන්ට අවශ්‍ය ආහාර දීමට නොහැකි වෙලා. ගැබිනි මවුවරුන්ට නිසි ආහාර වේලක් නැහැ. දරුවන් පාසලට නොපැමිණීමේ තත්ත්වයක් තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට නිසි සැලකීමක් ආණ්ඩුවේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් රටේ නෑ. ඔක්සිජන් හිඟයි. ප්ලාස්ටරයක්වත් නෑ. ෆාමසිවලත් බෙහෙත් හිඟයි. මිල වැඩියි. ඒත් ජනාධිපති ඊජිප්තු යනවා.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටිලා. ව්‍යාපාර බංකොලොත් වෙලා. රැකියා අහිමි වෙලා. ජීවිතය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටිලා. කම්කරුවන්ට රස්සා නැහැ. ආණ්ඩුව 22 සංශෝධනය ගෙනාපු එක ගැන කියවනවා ඒවා ජනතාවට වැඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ජීවත්වීමයි. ඉක්මන් හෝ සාධරණ විසඳුම් දීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

උපයන විට බද්ද වැඩි වැටුප් හිමියන්ට අයත් බව බැලූ බැල්මට පේනවා. සාධාරණ වැටුපක් නැත්නම් වෘත්තිකයා මේ රටේ රඳවා ගන්න බැහැ. අද ගෙවන වැටුපෙන් විශාල බද්දක් ගෙවන්න වෙලා. ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී සාමාන්‍ය ජනතාවගෙන් බදු ගැසීම සුදුසු නැහැ.

මේ වෙලාවේ ජනතාව ලෙඩ ඇදේ හූල්ලනවා. රැජනගෙ අවමඟුලට හෝ සමුළුවට යන්න ඕන කාලයක්ද. ජනතාව ගැන කිසිදු හැඟීමක් නැති නායකයෝ අද ඉන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment