ආර්ථික අර්බුදයට  මුවා වී තමිල්නාඩු ධීවරයෝ අපේ මත්ස්‍ය සම්පත කොල්ලකති

141

ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික අර්බුදයට මුවා වී තමිල්නාඩු ධීවර යාත්‍රා 3000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකන බව හෙළි වී ඇත.

මේ වනවිට තමිල්නාඩු බෝට්ටු 161 ක් මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට එරෙහිව තමිල්නාඩු මන්ත්‍රී වයිකෝ අධිකරණය හමුවට ගොස් එකී බෝට්ටු මුදාහරින ලෙස ඉල්ලා තිබේ.

තමිල්නාඩුවේ විශාල මත්ස්‍ය ව්‍යාපාරිකයන් සතු මත්ස්‍ය කම්හල් 800 ක් ඇති අතර ඔවුන් යොදවන ට්‍රෝලර් යාත්‍රා මගින් පොකිරිස්සන් ඇතුළු මසුන් විශාල ලෙස අල්ලන බව හෙළි වී ඇත.

මේ අතර රාමේස්වරන් හරහා චෙන්නායි නුවර සිට බඩු විශාල වශයෙන් උතුරට ප්‍රවාහනය කරන බව ද හෙළි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment