ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවේ ණය අවලංගු කරන්න

244

ලොව පුරා විසිරී සිටින විද්වතුන් 182 දෙනකු විසින් අත්සන් කරන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් ණය අවලංගු කිරීමක් එම ණය ලබා දුන් ණය හිමියන් විසින් කළ යුතු බව කියා සිටී.

එම ලිපිය මගින් ඔවුන් කියා සිටින්නේ රටේ විදේශ ණයවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතු වන අතර, බොහෝ දුරට ඒවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ස්වරූපයෙන් පවතින බවයි. කෙසේ නමුත් ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඔවුන් ණය ගෙවීමෙන් අඩකට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නා බව ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

“එවැනි ණය දෙන්නන් ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දීමට අවදානම් වාරිකයක් අය කළ අතර එමඟින් ඔවුන් විශාල ලාභයක් උපයා ගත්තා. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමට එය ද දායක වුණා. අවදානම් වාරිකය නිසා ඉහළ ප්‍රතිලාභ ලැබූ ණය දෙන්නන් එම අවදානමේ ප්‍රතිවිපාක ගැනීමට ද කැමැත්තෙන් සිටිය යුතුයි යනුවෙන් ද මෙම විද්වත්හු කියා සිටිති.

මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජයටි ගෝශ්, පැරිස් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි ආර්ථික විද්‍යා මහාචාර්ය තෝමස් පිකෙටි ඇතුළු විද්වතුන් පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment