ආර්ථික අර්බුදයෙන්  රට ගොඩගැනීමට සංවර්ධන කමිටුවක් – සභාපති පුටුව ධම්මිකට

344

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා බලය සහිත විශේෂ යාන්ත්‍රණයක් ගොඩනැඟීමට නියමිත බව රජයේ ඉහළපෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

මෙහි ප්‍රධානත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්‍ෂණය කිරීමේ කාර්යය මේ යාන්ත්‍රණයට පැවරෙනු ඇති බවත් මෙය ආර්ථික සංවර්ධන කමිටුව ලෙස නම් කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

මෙහි ප්‍රමුඛතම කාර්යය ලෙස කඩිනමින් රටට ඩොලර් ආදායම් උපයා ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නියමිතය.

මෙම ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා රජයට දැනටමත් කැමැත්ත පළකර ඇති අතර එම සභාපති තනතුර සඳහා කැබිනට් බලතල හිමිවනු ඇති බවත් වැඩිදුරටත් ‘දිවයින’ට වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment