ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් මාර්ග සිතියමක්

206

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතියමක් (Road Map) ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග ඊයේ (16දා) පවත්වන ලද සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මේ මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. දැනට මේ මාර්ග සිතියම සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳ කරුණු එම මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන ලදී. අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා එම මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබි්‍ර, අනුර ප්‍රියදර්ශන යාපා සහ චරිත හේරත් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment