ආර්ථික අර්බුදය මැද නත්තල් ගස් ඉල්ලුමත් අඩුවෙලා

127

නත්තල් ගස් 500 ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා මෙවර නුවරඑළිය වන අඩවි කාර්යාලයෙන් බලපත්‍ර ඉල්ලා ඇති බව එම කාර්යාලයේ ආරංචිමාර්ග කියයි.

වෙන වසරවල නත්තල් උත්සවය වෙනුවෙන් නුවරඑළියෙන් නත්තල් ගස් දහස් ගණනක් කොළඹ ඇතුළු විවිධ පළාත්වලට ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ගත් බවද, මෙවර එය විශාල වශයෙන් අඩුවී ඇති බවද වන අඩවි කාර්යාලයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවසීය.

පවතින ආර්ථික අර්බුදය මෙයට හේතුවී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment