ආර්ථික අර්බුදය සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි – ඇමැති බන්දුල කියයි

93

පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ රට ආරක්ෂා කර ගැනීමට දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව මෙම පියවර ගතයුතු බවද හෙතෙම පැවසීය. රටට අත්ව ඇති ඉරණමත්, ඒ ඉරණම වෙනස් කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ජාතික වශයෙන් පුළුල් සංවාදයක් ඇතිවිය යුතු බව පැවසූ ඇමතිවරයා,මේ අර්බුදය විසඳා ගැනීමට එකොළොස් වතාවක් ගිය ආකාරයටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට පුළුවන් යැයිද සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ නූල කැඩුණු සරුංගලයක් මෙන් බඩු මිල වැඩි වන බව පැවැසූ ඇමැතිවරයා ඛණිජ තෙල් සහ ගෑස් මිල වැඩිකර ආනයන සීමා ඉවත්කර මුදලේ අගය නිදහසේ පාවීමට ඉඩ හැරීම ජනතාවගේ ඉල්ලීම නම් එය කළ හැකි බවත් පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment