ආර්ථික අර්බුදය හමුවේ දරුවන් පාසල් යැවීම නවත්වලා

173

ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් 9,269 දෙනකු 2020 වර්ෂයේ දී පාසල් හැරගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 වර්ෂය සඳහා වන නවතම දත්තවලට අනුව 2019 වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ ළමයින් 8,834 දෙනකු පාසල් හැර ගොස් ඇත. එම සංඛ්‍යාව 9269 දක්වා 2020 දී ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි. කොවිඩ් වසංගතයත් සමග දිගු කාලයක් පාසල් වසා තැබීම, රටේ පැවැති පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදය මෙන්ම එමගින් අනෙකුත් අංශවලට ඇති කළ බලපෑම, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන් පාසල් හැරයාම ඉහළයෑමට හේතු වූ බව ද මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment