ආර්ථික අර්බුද  ජය ගැනීමට පශ්චාත් උපාධිවල වටිනාකම – * පෙරඹර

201

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගත් ක්ෂේත‍්‍ර දෙකකි. නමුත් මේ රට පාලනය කළ හා කරන පිරිස් එම ක්ෂේත‍්‍ර හරහා ලබාගත් කීර්තිය රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තරම් යොදාගෙන ඇති බවක් හෝ යොදා ගන්නා බවක් දකින්නට නැත. අප සංගමයක් ලෙස දැනුම මත පදනම් වූ ආර්ථිකයක් (knowledge economy) හා සෞඛ්‍ය සඳහා වන සංචරණය (health tourism)  මෙන්ම ආර්ථික වර්ධනය සඳහා නව පශ්චාත් උපාධි ඇති කිරීමේ වැදගත්කමකම පෙන්වා දී ඇත්තෙමු. එම මඟ පෙන්වීම මෙම පිරිස් හිතාමතාම මඟහරිමින් රට දිගින් දිගටම ආර්ථිකමය, සාමාජීය මෙන්ම දේශපාලනික පරිහාණිය සඳහා ගෙන යමින් සිටින්නේ කාගේ වුවමනාවට දැයි ගැටලූ සහගත ය. එය අනිවාර්යයෙන්ම මේ රටට ආදරය කරන මිනිසුන්ගේ කැමැත්ත නොවන බව ඉතාම පැහැදිලියි. මෙවැනි සංවර්ධන ගමනක් සඳහා යාමේදී clinical travel medicine යනු කාලෝචිත අවශ්‍යතාවයකි. එනම්, Clinical Travel Medicine යනු ගුවන් නාවික සංචාරක හා ප‍්‍රවාහනය ක්ෂේත‍්‍ර සඳහා අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක පුහුණු ලබා දීමට විශේෂිතවම සැකසූ පාඨමාලාවකි.

 විදේශ රටවල මෙම විශේෂිත වෛද්‍යවරුන් පුහුණු කිරීම දැනටත් සිදු කරයි. මෙම පාඨමාලාව මගින් දේශීයව මෙන්ම විදේශීකව අවශ්‍ය විශේෂඥ ශ‍්‍රමය ලබාදීමට ශ‍්‍රී ලංකාවට හැකිවනු ඇත.

 ඔබ සියලූ දෙනාම දන්නා පරිදි ශ‍්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ලෝකයේ ප‍්‍රවාහනය සම්බන්ධ වැදගත් සන්ධිස්ථානයකයි. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සම්මේලනය මගින් ප‍්‍රකාශිත 2017 නාවික සම්බන්ධතා දර්ශකයට අනුව දකුණු ආසියා කලාපයේ හොඳම සමුද්‍ර ප‍්‍රවාහන සම්බන්ධතාවය සහිත රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති අතර ඉන්දියාව පවා පරදා ලෝකයේ 15 වන අත්පත් කර තිබීමත් 2025 වන විට ශ‍්‍රී ලංකාව අංග සම්පූර්ණ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් පවතියි.

 මෙම රජය බලයට පත් වීමට ඉදිරිපත් කර තිබූ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ද ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරන්නට බලාපොරොත්තු වන බව පේනවා තිබුණි. එම වාතාවරණය තුළ නාවික ගුවන් ප‍්‍රවාහන හා සංචාරක කේන්ද්‍රස්ථානයකට බලපාන (Travel and Transport hub) මූලික කරුණක් වන්නේ වෛද්‍ය හා සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර මට්ටමට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයයි. ඒ සඳහා විශේෂිත විශේෂඥ දැනුම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
 Clinical Travel Medicine Association ආයතනය හා සම්බන්ධ වී එම ක්ෂේත‍්‍රයට අදාළ ප‍්‍රවීණයන් ඇති කිරීමේ මූලික වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් කරන ලදී.

 ශ‍්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයේ ප‍්‍රධාන නාවික මාර්ග පිහිටා ඇත. දිනකට නැව් 200 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාව අසලින් ගමන් කරයි. රෝගී ප‍්‍රතිකාර හෝ වෛද්‍ය උපදෙස් ලබා දීම ශ‍්‍රී ලංකාව අපොහොසත් වී ඇත. ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගත් විශේෂිත වෛද්‍යවරුන් ශ‍්‍රී ලංකාව තුළ නොමැත. දැනට සිටින වෛද්‍යවරුන්ට මේ සඳහා ලියාපදිංචි වීමට ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකව නොමැත. එම නිසා ඉන්දියාව වැනි රටවල් Telemedicine තාක්ෂණය ඔස්සේ ශ‍්‍රී ලංකාවට අයිති ප‍්‍රදේශවල පවා විදේශ විනිමය උපයා ගනී.

 සංචාරක ව්‍යාපාරය සඳහා දැනට පැමිණෙන වයස්ගත දීර්ඝ කාලීන රෝගවලින් හෝ ප‍්‍රතිකාර ක‍්‍රම වටා සිටින ඒ වගේම ලොව විවිධ ප‍්‍රදේශවලට ආවේණික වූ ලෙඩ රෝග පිළිබද දැනුමක් නොමැතිකම නිසා ඔවුනට ලබා ගත හැකි සේවා ඵලදායි බව පිළිබඳ ගැටලූ මතු වී ඇත.

 ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගුණාත්මක බවින් ඉහළ රාජ්‍ය හා පෞද්ගලික සේවාව්ක පවතින අවස්ථාවක Medical tourism and wellness tourism ඵලදායි අවස්ථාවක් ලබා ගැනීම සදහා මැදිහත් වී කටයුතු කිරීම ප‍්‍රවර්ධනය සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකම දැනට තායිලන්තය, ඉන්දියාව, බ‍්‍රසීලය, තුර්කිය වැනි රටවල් ඉතා ඉහළ ආදායමක් ලබා ගනී. Medical Tourism ශ‍්‍රී ලංකාවට ද විදේශ විනමය ලබා ගත හැකි පහසු ක‍්‍රමවේදයකි.

 ලොව බොහෝ රටවල් Medicine, Travel MedicineAviation, Marine, Transport Medicine, Travel Medicine මගින් විශාල සේවාවක් එම රටවැසියන්ට හා අනෙකුත් රටවලට ලබා දෙති. ආර්ථික අවපාතයක් විදේශ විනිමය රික්තකයක් පවතින අවස්ථාවක නමුත් වසර ගණනවක් මුළුල්ලේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය කල් මරමින් සිටීම නිසා මෙවන් විදේශ විනිමය රටට තවත් එක් ආදායම් මාර්ගයක් අවහිර කර ඇත.

 2019 අගභාගයේ සිට මේ පිළිබදව අප සංගමයේ අවධානය යොමු වී වසංගතය කළමනාකරණයට අවශ්‍ය කාරණයක් වන මෙය වසංගත සමයේ තීව‍්‍රව දැණුනු අතර එය රටේ ජනාධිපති හා අගමැති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ටද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්ද දැනුවත් කරමින් අවශ්‍ය අනුමැතිය ලබාගත් අතර එය කාලෝචිත සියලූ දෙන පෞද්ගලිකව අද වන විටත් එම පාඨමාලාව ආරම්භ කිරීමට අපොහොසත් වී තිබීම රටක් හැටියට අවාසනාවන්ත තත්ත්වයකි.

 රටේ ජනතාව අවාසනාවන්ත ලෙස දැඩි ආර්ථික අබුදයකට මුහුණ දෙමින් සමාජීය හා දේශපාලනික බිඳ වැටීමකට ලක්ව ඇති මොහොතක අවස්ථාවාදීන් රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට ඉතිහාසයේ කවරදාකටත් වඩා මැදිහත්වීම් කරමින් සිටියි. මෙම අර්බුදය ජය ගැනීමට අපොහොසත් වන රටේ පාලකයින් රට ලෝකය ඉදිරියේ දිනෙන් දින බාල්දු කරමින් සිටියි. රට දෙපයින් නැගී සිටීමට ලබා දෙන යෝජනා කුණුබක්කියට දමමින් තවදුරටත් රට දරිද්‍රතාවය හා යටත්භාවයට පත් කරමින් සිටියි. දැන්වත් ශ‍්‍රී ලංකාවේ මානව සම්පත දැනුමින් සන්නද්ධ කරමින් ඒ මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් නොකළහොත් අනාගතයේ මේ රට විනාශ වූ ජාතියක් ලෙස ඉතිහාසගත වනු ඇත.

 දැනුමෙන් සන්නද්ධ ලෝකය ජයගමු.

ආර්ථික අර්බුද  ජය ගැනීමට පශ්චාත් උපාධිවල වටිනාකම - * පෙරඹර


වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය
 නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment