ආර්ථික ඝාතකයන් නිදැල්ලේ සිටියදී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සාහසික ක්‍රියාවක්

160

43 වැනි සේනාංකයේ සභාපති කරුණාරත්න පරණවිතාන

රට වැනසූ ආර්ථික ඝාතකයන් නිදැල්ලේ සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණය කළ අරගලකරුවන් පුරාවිiා පනත යටතේ අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම අයුක්තිසහගත අසාධාරණ හා සාහසික කටයුත්තක් බව හිටපු නියෝජ්‍ය ඇමැති 43 වැනි සේනාංකයේ සභාපති කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ (28 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

ආණ්ඩුවේ නැගිටීම මෙය නම් රටේ ඉදිරි තත්ත්වය ඉතා ශෝචනීය වනු ඇති බවත් ආණ්ඩුව වැඩ වරද්දා ගැනීමට යන බවත් හෙතෙම කීවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි මඟ තුළ අරගලයෙන් වූ බලපෑම හෝ අඩුම තරමේ ජනාධිපතිවරයා සිහිතබා ගත යුතු බවත් පරණවිතාන මහතා පැවසීය.

හදිසි නීතිය පැනවීමට තරම් අයහපත් වාතාවරණයක් රට තුළ නැති බවත් කී හෙතෙම ආණ්ඩුව මහා මර්දනයකට පාර කපා ගැනීම සඳහා එම නීතිය සම්මත කරගෙන ඇති බවත් චෝදනා කළේය. මෙම පනතට පක්‍ෂව ඡන්දය භාවිතා කළ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ කාවද යන්න ප්‍රශ්නයක් බවත් කරුණාරත්න පරණවිතාන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment