ආර්ථික ඝාතනයට වගකිවයුත්තන් සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි

165

විපක්‍ෂයේ මන්ත්‍රීන් 35 කගේ අත්සනින් කථානායකට ලිපියක්

මෙරට ඇතිව තිබෙන ආර්ථික පරිහානියට වගකිව යුත්තන් පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් විශේෂ ලිපියක් ඊයේ (20දා) කථානායකවරයා වෙත භාර දෙනු ලැබිණි.

2019 නොවැම්බර් මස සිට මේ දක්වා මෙරට ආර්ථිකයේ සිදුව තිබෙන පරිහානිය හා ඊට වගකිව යුත්තන් කව්දැයි සොයා බැලීම සඳහා එම විශේෂ පාර්ලිමේන්තු තේරීම කාරක සභාව පත් කරන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මේ ලිපියට අත්සන් තබා ඇත.

සමගි ජන බලවේගය පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ අසුන් ගත් ඩලස් පිලේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මේ සඳහා අත්සන් කර තිබේ. කාරක සභාව පිහිටුවා මාස තුනක් ඇතුළත එහි අවසන් වාර්තාව සපයන ලෙසද මෙමගින් ඉල්ලා තිබේ.

සජිත් ප්‍රේමදාස, ඩී. බී. හේරත්, තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න, හර්ෂණ රාජකරුණා. වී. රාධක්‍රිෂ්ණන්, අශෝක් අබේසිංහ, එම්. එස්. තව්ෆික්, කුමාර වෙල්ගම, නාලක

ගොඩහේවා, චන්න ජයසුමන, කේ. පී. එස්. කුමාරසිරි, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, ඩලස් අලහප්පෙරුම, ජේ. සී. අලවතුවල, රෝහිණී විජේරත්න, එස්. එම්. මරික්කාර්, ජී. එල්. පීරිස්, තුෂාර ඉඳුනිල්, ඉෂාක් රහුමාන්, හර්ෂද සිල්වා, අරවින්ද් කුමාර්, ජී. කරුණාකරන්,ටී. තලෙයි අර්සාන්, වසන්ත යාපා බණ්ඩාර, අනුර ප්‍රියදර්ශන යාපා, ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, රවුෆ් හකීම්, රෝහණ බණ්ඩාර, ඉම්රාන් මහරුෆ්, මුජිබර් රහුමාන්, නිරෝෂන් පෙරේරා, පාඨලී චම්පික, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් මෙම ලිපියට අත්සන් තබා තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment