ආර්ථික දුෂ්කරතා ජය ගැනීමට සාමූහික උත්සාහයක් අවශ්‍යයි – මහ බැංකුව

120

වත්මන් ආර්ථික දුෂ්කරතා හා පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමුහික උත්සාහයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍ර වීම නොවැළැක්විය හැකි බව ද එමගින් පුළුල්ව පැතිරුණු අහිතකර බලපෑම් ඇති කරනු ඇති බව ද මහ බැංකුව කියයි.

ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගී සිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත් මෙම අවශ්‍ය මොහොතේ දී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකම බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රජය සහ මහ බැංකුව නුදුරු කාලීනව ආර්ථික පීඩනයන් සමනය කිරීමට අවශ්‍ය විදේශ මුදල් සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක් ගනිමින් සිටින බව ද මහ බැංකුව තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment