ආර්ථික, දේශපාලන අර්බුදයේ නැවතුම කොතැනද?

152

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වලින් තහවුරු කර ඇත. ඔහු අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වීමට නියමිත බව සැලය. නමුත් පොදුජන පෙරමුණේ සාමාජිකයන් රැසක් අද උදේ 9ට අරලියගහ මන්දිරයට යන්නේ අගමැතිව රැකගතයුතු බව පවසමිනි. පොදුජන පෙරමුණේ සාමාජිකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට විරෝධය පළකරමින් සිටින අතර ඔවුන් කුමන තත්ත්වයක් තුළදී හෝ අගමැති තනතුර ආරක්ෂා කිරීමට සූදානම්ව සිටී.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල ප්‍රකාරව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලැබුවේ මැයි 06 සවස පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකින් අනතුරුවයි.

ආර්ථික, දේශපාලන අර්බුදයේ නැවතුම කොතැනද?

 පසුගිය අප්‍රේල් 02 වැනිදා ද ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවූ අතර දින දහ හතරක් ඇතුළත දී පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට තිබියදී අප්‍රේල් 05 වැනිදා එය යළි අවලංගු කරන ලදි. ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව, 1959 අංක 8 දරන පනතින් හා ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි. විශේෂ කරුණු 03ක් මත හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා කර ඇති අතර ඒවා වන්නේ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම හා මහජන ආරක්ෂාව තහවුරු කිරීමයි. කෙසේ නමුත් මෙරට බටහිර තානාපති කාර්යාල යළි හදිසි නීතිය පැනවීම ගැන සතුටුවන්නේ නැත. එහෙත් ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන වගකිව යුතුවන්නේ ජනපතිවරයා මිස බටහිර තානාපති නිලධාරීන් නම් නොවේ. අරාජිකත්වයෙන් රට බේරා ගැනීමට යම් ක්‍රියාමාර්ග ගත යුතුය. රඹුක්කනදී විරෝධතාකරුවෙක් වෙඩි වැදී මියගිය පසු වහාම ට්විටර් පණිවුඩයක් නිකුත් කළ කොළඹ ඇමෙරිකානු තානාපතිවරිය හදිසි නීතිය පැනවීම ගැනත් කලබල වී ඇත. “නැවතත් හදිසි නීතිය පැනවීම පිළිබඳව අප බලවත් සැලකිල්ලක් දක්වනවා. සාමකාමී රටවැසියාගේ හඬ ඇසෙන්නට සැලැස්විය යුතු යි,” යනුවෙන් අමෙරිකානු තානාපති ජුලී චන්ග් නිකුත්කළ පණිවුඩයේ සඳහන්ව තිබිණි. රට නැවත සෞභාග්‍යයේ මාවතට ගෙනඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට සහායක් නොවන බවත් එහි සඳහන්ව තිබිණි. කොළඹ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ වත්මන් අභියෝග විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බව යි. “සාමකාමී විරෝධතා පැවැත්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු සියලු මූලික අයිතිවාසිකම්වලට ගරු කළ යුතු ය. එම අයිතිවාසිකම් සීමා කරන හදිසි නීති, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයට සහ විසඳුම්වලට එරෙහිව යැයි,” ඇය සඳහන් කර ඇත. යුරෝපා සංගමය ද අවධාරණය කර සිටින්නේ හදිසි නීතිය නිසැකවම රටේ දුෂ්කරතා විසඳීමට උපකාරී නොවන බව යි. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ, එමඟින් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ඇති කළ හැකි බව යි. “මාසයක කාලයක් තිස්සේ පැවැති සාමකාමී විරෝධතා විසින් දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය වන ශ්‍රී ලාංකාවේ පුරවැසියන් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විඳින ආකාරය පෙන්නුම් කර ඇත,” යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ. කොල්ලුපිටියේ තානාපති කාර්යාල මෙන්ම කොල්ලුපිටියේ බලවේගද අද රට ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව සැකසංකා මතුකර ඇති බව පෙනී යයි. එහෙත් ආර්ථික අවුලේ ගිලී සිටින ලංකාවට හර්තාල්වලින් ලැබෙන්නේ කුමක්ද? එයින් ඩොලර් එවීම වේගවත් වන්නේද? මෙය බරපතළ ඛේදයකි. මේ සියල්ල පිටුපස සැඟවුණු න්‍යායපත්‍ර පැහැදිලිව දක්නට තිබේ. විදෙස් බළල් අත් ක්‍රියාත්මකය. හදිසි නීතිය පැනවීම ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය. “කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතළම ආර්ථික හා සමාජ අර්බුදයටත්, දේශපාලන අස්ථාවරත්වයටත් ගොදුරු වී ඇත. ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී තිබේ. හැකි කෙටිම කාලය ඇතුළත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යථා තත්ත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගනියි. හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටිකාලීන පියවරක් වශයෙන් පමණක් බවත්, සියල්ල යථා තත්ත්වයට පත්වූ වහාම එය ඉවත් කරනු ලැබේ.”

 අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වලින් තහවුරු කර ඇත. ඔහු අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වීමට නියමිත බව සැලය. නමුත් පොදුජන පෙරමුණේ සාමාජිකයන් රැසක් අද උදේ 9ට අරලියගහ මන්දිරයට යන්නේ අගමැතිව රැකගතයුතු බව පවසමිනි. පොදුජන පෙරමුණේ සාමාජිකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට විරෝධය පළකරමින් සිටින අතර ඔවුන් කුමන තත්ත්වයක් තුළදී හෝ අගමැති තනතුර ආරක්ෂා කිරීමට සූදානම්ව සිටී. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සෙනසුරාදා අරලියගහ මන්දිරය වෙත පැමිණ ඇති අතර ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිට ඇත්තේ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි. යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමට කටයුතු කළහොත් 2018 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ තීරණය ප්‍රතික්ෂේප කළයුතු බව මේ නියෝජිතයන් අවධාරණය කර ඇති බව සැලය. අද දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී තිබුණේ පසුගිය සිකුරාදා පැවති කැබිනට්  රැස්වීමේදීය. එදින කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර තිබිණි. මේ අර්බුදකාරී සමයේ දේශපාලන තීරණ පැයෙන් පැයට වෙනස් වේ. ජනපතිවරයාගේ තීරණ අරලියගහ මන්දිරයේදී අභියෝගයට ලක්කෙරෙන බවක් ප්‍රකාශ වන්නේද? මහින්ද රාජපක්ෂ මහතා රට ත්‍රස්තවාදය පරාජය කර රට බේරාදුන් නායකයාය. ඔහු ඉතිහාසයේ ලියවෙන චරිතයක් බව අවිවාදිතය. අද කළගුණ නොදත් සමහරු ඔහුගේ මරණ දැන්වීම ප්‍රදර්ශනය කරන්නේ කවර හේතුවකට දැයි අපි නොදනිමු. මේ අවස්ථාව රාජපක්ෂලාට අවාසිදායක බව පැහැදිලිය. නමුත් මේ ජාතිය ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකයාට නිගරු කළයුතු නැත. දේශපාලනයේ ජනප්‍රියභාවය හැමදාම නොපවතී. එසේම අවාසිදායක තත්ත්වය ද සදාකාලික නොවේ. එය සතියෙන් දෙකෙන් මාසයෙන් වෙනස්විය හැක.

 මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව දැනට රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කළ බව සමගි ජනබලවේගය නිවේදනය කර තිබුණේ පසුගිය සෙනසුරාදාය. වර්තමාන ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපතිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවක් ලෙස සමගි ජනබලවේගය සලකන බවද මෙම නිවේදනයෙන් දැක්වෙයි. මේ පිළිබඳව රාජිත සේනාරත්න මහතා මෙලෙස ප්‍රකාශ කර තිබිණි. “යෝජනා 13කින් යුක්ත ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විසඳුම ක්‍රියාත්මක කරන්න අපි එකඟතාවකට ආවා. එහිදී මුලින්ම 20 වැනි සංශෝධනය ඉවත් කරලා 19 වැනි සංශෝධනය යළි බලාත්මක කෙරෙනවා. ඊළඟට දීර්ඝ කාලයක් තිස්සේ රටේ ඉල්ලීමක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරනවා. ඒ අතර සියලු පක්ෂ එකතු කරගත් ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවනවා, 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් සමග. මේ සමස්ත වැඩපිළිවෙළ උපරිම මාස 18ක් තුළ අවසන් කෙරෙන විදියට තමයි නීතිඥ සංගමය යෝජනා කරලා තියෙන්නේ.” කවරක් නමුත් විධායක ජනපතික්‍රමය අහෝසි කිරීමෙන් රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ ද යන්න පැහැදිලි නැත. එය වෙනම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමකි. ත්‍රස්තාවාදය පරාජය කිරීමට හැකිවුවෙත් විධායක ජනපති නිසාය.

 කෙසේ නමුත් ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා හිටපු කථානායක කරු ජයසූරිය මහතාව පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඒ අනුව කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ගැනීම සඳහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වීමට යෝජනා වී තිබේ. මෙයට අනෙක් පාර්ශ්ව කවර මතයක් දරන්නේද යන්න පැහැදිලි නැත. මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වන්නේ නම් නව අගමැති තනතුර සඳහා පොදුජන පෙරමුණේ ඇමැතිවරු තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. කෙසේනමුත් මේ අර්බුද ලෙහෙසියන් නිරාකරණය වන බවක් නම් නොපෙනේ.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment