ආර්ථික වර්ධනය 11.8%කින් සෘණ වෙයි

83

මේ වර්ෂයේ (2022) තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 11.8 කින් සෘණ වී ඇත.

මෙම සෘණ 11.8 ක ආර්ථික වර්ධනය (ආර්ථික සංකෝචනය) යටතේ මේ වර්ෂයේ තෙවන කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 8.7 ක්ද, කාර්මික අංශය සියයට 21.2 ක් සහ සේවා අංශය සියයට 2.6 ක්ද වශයෙන් සෘණ ආර්ථික වර්ධනයන් (ආර්ථික පසුබැසීම්) වාර්තා කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (15 දා) නිවේදනය කළේය.

මේ අනුව මේ වසරේ (2022) තුන්වන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,884,018 ක් ලෙස වාර්තාවී ඇත. 2021 වසරේ තුන්වන කාර්තුවේ ස්ථාවර මිල ගණන් අනුව දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,269,510 ක් ලෙසද වාර්තා වී ඇත. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑම් එල්ල වූ තත්ත්වයක් නොපැවැති නමුත් ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපණ කරන බලපෑම් රැසක් ආර්ථිකය තුළ ක්‍රියාත්මක වීම දැකගත හැකිවූ බවද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment