ආර්යා ප්ලස් අභියෝගතා කුසලාන මේසපන්දු තරගාවලියේ – ශූරයා ක‍්‍රිෂාන් – ශූරිය අයාලා

150

නුගේගොඩ මේසපන්දු සමාජය විසින් සංවිධානය කරන ලද ආර්යා ප්ලස් අභියෝගතා කුසලාන මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කි‍්‍රෂාන් වික‍්‍රමරත්න සමත්වූ අතර කාන්තා කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලයේ අයාලා චිටී සමත් වූවාය.

ආර්යා ප්ලස් අභියෝගතා කුසලාන මේසපන්දු තරගාවලියේ  - ශූරයා ක‍්‍රිෂාන් - ශූරිය අයාලා



 පිරිමි කේවල අවසන් මහා තරගයේදී කි‍්‍රෂාන් වික‍්‍රමරත්න හමුවේ වත්මන් ජාතික ශූර කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා පරාජයට පත් වූ අතර එ් ලකුණු 3-2ක් ලෙසිනි. කාන්තා කේවල අවසන් මහා තරගයේදී අයාලා හමුවේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ හංසනී පියුමිලා ලකුණු 3-2කින් පරාජයට පත්වූවාය.

 තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය සෙනුර සිල්වාට හිමි වූ අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසින් බිමන්දි බණ්ඩාර තේරීපත් වූවාය.

 ආර්යා ප්ලස් අභියෝගතා කුසලාන මේසපන්දු තරගාවලිය

 පසුගිය 08 සහ 09 දෙදින බණ්ඩාරගම ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

 අවසන් මහා තරගයේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස රයිගම් මාර්කටින් සර්විසස් ලිමිටඞ් හි සන්නාම විධායක ආර්යා නිරූෂි තියොඩර් මහත්මිය සහභාගි වූවාය.

 ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment