ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ පිළිවෙත් පුරන්නට බිනර පෝ දින අදිටන් කරගනිමු

1241

සාංසාරික අත්දැකීම් අපේ හදවතේ පුරෝවගනිමින් අපි මේ භව කතරේ ගමන් කරන්නෙමු. මේ සසරේදී අපි මල්, පහන්, සුව`ද ධූපයන් ද රැුගෙන සුදු වතින් සැරසී පන්සල් පුද බිමට ගොස් බණ පදයක් ඇසීමට භාග්‍ය ලද්දෝ වූවෙමු. ඒත් මේ ගෙවෙන කාල පරිච්ෙඡ්දය ඉතාමත් අවාසනාවන්ත එකක් වන බව අපි දනිමු. රෝග බිය, මරණ බිය සැමගේම සිත් සතන් තුළ සැරිසරමින් පවතී. එමෙන්ම එදිනෙදා දෛනික කටයුතු කඩා වැටීම නිසා දර්ද්‍රතාවය මෙන්ම ආර්ථික ගැටලූ එන්න එන්නම දරුණු වී මු`ඵ මහත් සමාජයම අ`දුරු වී ඇත. අපිට මේ ගැටලූ නිරාකරණය කර ගත හැකි මාර්ගයක් වේද අපේ හාමුදුරුවනේ…

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු පස්වග තවුසන්ට උන්වහන්සේ දේශනා කරනු ලැබූ සිය පළමු ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සුතුරෙහි ස`දහන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමෙන් ඔබට ද සිත නිවා ගත හැකිවනු ඇත.

චරත භික්ඛවේ චාරිකං – බහු ජන හිතාය බහු ජන සුඛාය යන බුදු වදනට අනුව බොහෝ දෙනාගේ හිත සුව පිණිස දෙව් මිනිසුන් සහිත ලෝකයාට සත්‍ය පහදා දීමේ නිරත වන්න යැයි පළමු රහත් හැට නම අමතා උන්වහන්සේ වදාළ සේක. භාරතයේ බුදු දහම ප‍්‍රචලිතවීමත් සමගම භාරතයේ පැවති මෝහාන්ධකාර දුරු කර ප‍්‍රඥාව නමැති ආලෝක මිනිස් සිත් සතන් තුළ දල්වන්නට හැකි වූයේ බුද්ධ දර්ශනයේ තිබූ විනිවිදභාවය නිසාමය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ  පිළිවෙත් පුරන්නට බිනර පෝ දින අදිටන් කරගනිමු

පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමි රුහුණු මාගම්පත්තුවේ
ප‍්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශී‍්‍ර කතරගම
ශ‍්‍රී අභිනවාරාමාධිපති, ශාස්ත‍්‍රපති



ඒ වන විට මුළුමහත් භාරත දේශයම ගිල ගනිමින් තිබූ මිථ්‍යා මතවාදයන් සියල්ල බි`ද හෙළීමටත් බ‍්‍රාහ්මණ සමාජය විසින් බිහිකර තිබුණා වූ කුලවාදය නිසාවෙන් අන්ත අසරණ වී සිටි පහත් යැයි සම්මත කුලවල අය සහ අධ්‍යාපනයක් හැදෑරීමටවත් ආගමක් ඇදහීමටවත් සමාජයට ඒමට මංපෙත් අවුරා තිබූ කාන්තාව ඉන් මුදා විමුක්ති මාර්ග දක්වා වූ දොරගු`ඵ විවර කර දෙන්නට බුදු දහම මනා පිටිවහලක් විය.

මරණය අපි හැම කෙනෙක්ම දකින්නේ ලොව ඇති අවාසනාවන්තම සිදුවීම ලෙසය. නමුත් අප අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණය සැලකුවේද මංගල කාරණාවක් ලෙසය. උන්වහන්සේගේ සියලූම ශ‍්‍රාවක පිරිස ඇතුළු මු`ඵ තුන් ලෝකයම සම්බුද්ධ පරිනිර්වාණය අවමංගල්‍යයක් සේ සලකා දුක් විය. කම්පා විය. එහෙත් අප තථාගතයන් වහන්සේ සියලූ කෙලෙස් ප‍්‍රහීන කළ නිසාවෙන් සම්බුද්ධ පරිනිර්වාණය ද මංගල කාරණාවක් කර ගත් සේක.

බුදුන් වහන්සේ පිරිනිවීමට මොහොතකට මත්තෙන් අන`ද හිමි කැ`දවා, මාගේ ඇවෑමෙන් ශාස්තෘන් වහන්සේ බවට පත්වන්නේ මේ උතුම් සද්ධර්මය බව පැවසූ සේක. එසේ නම් බුද්ධ වචනයට අනුව ජීවමාන ශාස්තෘන් වහන්සේ නමක් මේ මිහිපිට අප සතුවන්නේය. එකී ධර්මය අතීත, වර්තමාන මෙන්ම අනාගතයට යන තුන් කල්හිම සත්‍යයක් වී පවතින්නේය.

බුදුන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයට අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සහවන්ත වීමෙන් අපට අපේ මානසික ශක්තිය ඉහළ නංවාලීම තුළින් කායික ශක්තිය ද වර්ධනය කළ හැක්කේමය.

එසේ හෙයින් චතුරාර්ය සත්‍යයේ ස`දහන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සියලූ දෙනාම පිළිවෙත් පුරන්නට මේ පුන් පෝ දින අදිටන් කළ යුතුය.

පින්වත් ඔබ සැම ධර්මයට හිත ඇති, නිවැරදිව ධර්මය අවබෝධ කර ගත හැකි මනසක් ඇති පිරිසක්. එවැන්නෙකුට මෙවැනි තත්ත්වයන්ගෙන් අත්මිදිය හැකියි. ගිනි ගන්නා ලෝකය තුළ වුව ද නිවී සැනසී තම ජීවිකාව කර ගෙනයාමේ ඒකායන මාර්ගයක් බුදුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. අට ලෝ දහමෙන් කම්පා නොවී සුව නීතියත් රකිමින් පහත ස`දහන් ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අධිෂ්ඨාන කළ යුතුය. වර්තමානයේ අප මුහුණ දෙන කොරෝනා වසංගතය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ විමසා බලමු.

සම්මා දිට්ඨි යනු යහපත් දැකීමයි. එනම් ඇත්ත ඇති සැටියෙන් බුද්ධියෙන් විමසා බලා කටයුතු කිරීමට ඇති නුවණයි. වර්තමාන ලෝකය දෙස බලන කල මිනිසාගේ අධ්‍යාත්මික හා භෞතික පරිහානියට දැඩි ලෙස හේතු වී ඇත්තේ බුද්ධියට සමු දී සිතුවිලිවලට වහල්ව කටයුතු කිරීම බව පෙනේ. කොරෝනා වසංගතය අභිභවා යාමට නම් මිනිසා ප‍්‍රඥාගෝචරව කටයුතු කිරීම අනිවාර්ය වෙනවා.

සම්මා සංකප්ප යනු යහපත් සංකල්පනා නැතහොත් යහපත් අදහස්වේ. ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් තොරව මෛත‍්‍රිය පෙරදැරිව කටයුතු කිරීමෙන් මානසික සුවය ලැබීමට හේතු වන්නා සේම කායික ශක්තිය ලැබීමට ද හේතුවේ. මක්නිසා ද යත් කොරෝනා වසංගතයට කායික ශක්තිය බෙහෙවින් බලපාන බැවිනි.

සම්මා වාචා යනු යහපත් වචනයයි. මෙම වසංගතයේ ස්වරූපය නිවැරදිව දැන මුසාවෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට පසක් කර දීම මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ගේ වගකීමවේ. මහජනතාව පත්ව ඇති අසරණකම දැක බොර දියෙන් මා`ඵ බෑමට වචන භාවිත කරන උදවිය අද පටන්වත් එය නතර කර යහපත් ලෙස තම වචනය සංවර කරගැනීමට අදිටන් කරගන්නේ නම් මැනවි. නැතිනම් මෙම වසංගතයෙන් සිදු වන විනාශය කාටත් වැළැක්විය නොහැකි වන්නේය.

සම්මා කම්මන්ත යනු යහපත් ලෙස තම ජීවිකාව ස`දහා පසුබිම සකස් කර ගැනීමයි. සමාජයට යහපතක් සිදු කිරීමට අදිටන් කිරීම ඉන් අර්ථවත් වේ. මෙම අයහපත් කාලවකවානුව තුළ ඔබ නිවසේ රැුඳී සිටින කාලය අපතේ නොඇර තම වත්තපිටියේ යම් බෝග

වගාවක් සිදු කිරීමෙන් ඔබට ආර්ථික හා මානසික ශක්තියක් ලබා ගත හැකි වේ. එමගින් ඔබට තව කෙනෙකුගේ කුසගින්න නිවා දැමීමට හැකි වන්නේය. එය මහා පින්කමකි.

සම්මා ආජීව යනු විවිධ මිථ්‍යා මතවලින් ඈත් වී බුදුන් වහන්සේ විසින් වදාළ කාලාම සූත‍්‍රයේ කරුණු අනුව කටයුතු කිරීමයි. තව කෙනෙක් කී පමණින් හෝ පොතක පතක දුටු පමණින් යනාදී වශයෙන් කටයුතු නොකොට තම බුද්ධියෙන් ඒ පිළිබ`ද විමසා බලා කටයුතු කිරීමයි.

සම්මා වායාම යනු අපි නිතරම නිවැරදි යහපත් දේ සිදු කිරීමට වෑයම් කිරීමයි.

සම්මා සතිය විශේෂයෙන් මෙවන් වූ කාලපරිච්ෙඡ්දයක නිවැරදි සිහියෙන් තොරව කටයුතු කිරීමෙන් ඔබේ මරණයට වගකිව යුත්තා ඔබම වනු ඇත. එපමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට වගකිව යුත්තා ද ඔබම විය හැකියි. එමනිසා සාද පැවැත්වීම වැනි ප‍්‍රිය සම්භාෂණ කටයුතු හා පොදු කටයුතුවලින් බැහැර වී සිහියෙන් යුතුව නිසි සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු කිරීමෙන් තමාගේත් අනුන්ගේත් ජීවිත ආරක්‍ෂා කර දෙමින් උපන් දේශයට සුවිශාල යුතුකමක් ඉටු කළ බවට අභිමානයක් ඇති කර ගත හැක.

සම්මා සමාධිය යනු කුමන  ගැටලූකාරී තත්ත්වයක් හමුවේ වුව ද තැන්පත් මනසකින් එය විසඳා  ගැනීමයි. බොහෝවිට වර්තමාන තත්ත්වය හමුවේ මව්පිය දූ දරුවන් මානසික ආතතියෙන් ජීවත් වනු ඇත. සිත සමාධි ගත කර ගැනීම නැතහොත් සිතේ ඒකාග‍්‍රතාවය ඇති කර ගැනීමෙන් ඒ සියල්ල දුරු කර ගත හැකි වන්නේය.

මේ ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙමින් මෙම වසංගතය අපේ රටින් තුරන් කිරීමට අපි අද දින අදිටන් කරගනිමු.

මෙම කොරෝනා වසංගතය නිසාවෙන් මේ බිනර පුන් පෝ දා ප‍්‍රතිපත්ති පූජාවේ නිතර වීමට ඔබ අපොහොසත් වුවත් ආමිස පූජාවේ නිරත වී ඔබ ඔබේ දරුපැටවුනුත් සම`ග නිවසටම වී සම්මා දිට්ඨියෙන් ලොව දැක සම්මා සතිය පිහිටුවමින් සිත සමාධි ගත කර

ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය තුණුරුවන් බලෙන් ලැබෙත්වා !

මෙම දහම් පඬුරේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයින් වන

ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ  පිළිවෙත් පුරන්නට බිනර පෝ දින අදිටන් කරගනිමු

නිවසිනි.



සටහන – අචලා ඉරෝමි
 

advertistmentadvertistment
advertistmentadvertistment