ආර්.එම්.වී කාක්කෝ 22 ක් අත්අඩංගුවට

324

නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටි

තැරැව්කරුවන් විසි දෙදෙනකු ඊයේ (23 දා) අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් සතුව තිබී ව්‍යාජ රබර් මුද්‍රා, ව්‍යාජ ලිපි ලේඛන ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට තැරැව්කරුවන්ගේ පාරාදීසයක් බවට ලැබී තිබූ තොරතුරු මත මෙම වැටලීම කළ අතර ඒ සඳහා බොරැල්ල, කුරුඳුවත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද එක්ව සිටියහ.

මෙම තැරැව්කරුවන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටිමින් පාරිභෝගිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන කූට ලේඛන සැකසීම, ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු දූෂණ ක්‍රියා රැසක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment