ආරාධිත අමුත්තකුගේ රන් භාණ්ඩ කොල්ල කති

841


මොරගොඩ ලබුනෝරුව සන්දනම්කුලම වැව අසලදී රථ වාහන දෙකක් නවතා එහි ගමන් කළ පිරිසක් බිමට බස්සවා පහර දී පුද්ගලයෙකුට අයත් ලක්ෂ 12කට වැඩි රන් භාණ්ඩ කොල්ලකා යතුරුපැදියකින් පළා ගිය දෙදෙනෙකු ඇතුළු පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව මොරගොඩ පොලීසිය පවසයි.

ඊයේ මුරියාකඩවල පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ සංගීත ප්‍රසංගයක සංවිධායකයන් විසින් ආරාධිතයෙකු ලෙස කැඳවා තිබූ ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුල ප්‍රසංගය අවසන් වී බිරිඳ ,දරුවන්, ඥාතීන් සහ මිතුරන් සමග රථ වාහන දෙකකින් ගමන් කරමින් සිටියදී එම වාහන නවතා රන් භාණ්ඩ කොල්ලකා පහර දී පළා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment