ආරාධිත විස්සයි විස්සේ පළමු සටනෙන් දසුන්ගේ ගේ‍්‍රස්ට තියුණු ජයක්

576

ආරාධිත පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 01 ක තියුණු ජයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගේ‍්‍රස් කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය.

 කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගේ‍්‍රස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස අශාන් පි‍්‍රයංජන්ගේ නායකත්වයෙන් යුතු ගී‍්‍රන්ස් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 166 ක් පමණි.

 ගේ‍්‍රස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 41 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 84 ක් රැුස් කළේය.

 එළැඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සහ දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ ශී‍්‍ර ලංකා තරග සංචාරය ඉලක්ක කර ගෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත 20-20 කි‍්‍රකට් තරගාවලියේ පළමු දිනය (පෙරේදා 12 දා) වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදු විය.

 ඒ අනුව ඊයේ දිනය වෙනුවෙන් එම තරග දෙක කල් දැමුණු අතර ගේ‍්‍රස් කණ්ඩායම සහ ගී‍්‍රන් කණ්ඩායම අතර පළමු තරගය පැවැත්විණි. දෙවැනි තරගය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඞ්ස් කණ්ඩායම සහ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායම අතර ඊයේ රාතී‍්‍ර පැවැත්වීමට නියමිතව තිබිණි.

 ගේ‍්‍රස් කණ්ඩායම ලබාගත් ලකුණු 167 ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ගී‍්‍රන්ස් කණ්ඩායමේ පළමු කඩුලූ දෙක ලකුණු 05 ක් තුළ බිඳ දැමීමට අශේන් ඩැනියෙල් සමත් වූයේය. අනතුරුව පිටියට පිවිසි පැතුම් නිශ්ශංක සහ කමිදු මෙන්ඩිස් ගී‍්‍රන් කණ්ඩායමට බලාපොරොත්තු ගෙන එමින් පිළිවෙළින් ලකුණු 45 ක් සහ ලකුණු 74 ක් රැුස් කළ ද එය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය. ගේ‍්‍රස් කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානකට අමතරව චතුරංග ද සිල්වා ලකුණු 23 ක් සහ මිනෝද් භානුක ලකුණු 21 ක් ලබාගත්හ. ගී‍්‍රන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලහිරු කුමාර, ඉෂාන් ජයරත්න, අශාන් පි‍්‍රයංජන්, සුමින්ද ලක්ෂාන් සහ ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

 අවසන් පන්දුවර 6 තුළදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 67 ක් ගී‍්‍රන් කණ්ඩායමට ලබා ගැනීමට සිදු වූ අතර ඒ වනවිටත් ඔවුහු කඩුලූ 8 ක් අතැතිව සිටියහ. එහෙත් පුලින තරංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පන්දු 10 ක් තුළ ගී‍්‍රන්ස් කණ්ඩායමේ කඩුලූ 3 ක් බිඳ වැටීම හේතුවෙන් ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තු අත්හරින්නට ඔවුන්ට සිදු විය.

 කෙසේ වෙතත් තරගයේ 19 වැනි පන්දුවාරයේදී ඉෂාන් ජයරත්න සහ සම්මු අශාන් ලකුණු 13 ක් ලබාගත්තේ අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණයට ලකුණු 16 ක ඉලක්කයක් කරා තම කණ්ඩායම ගෙන යමිනි.

 නුවන් ප‍්‍රදීප් විසින් යවන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට ද හයේ පහරක් එල්ල කළ ඉෂාන් ජයරත්න ශම්මු අශාන් සමග එක්ව තවත් ලකුණු 07 ක් ඉතිරි පන්දු තුළ ලබා ගත්තේය. ඒ අනුව අවසන් පන්දුවේදී ලකුණු 04 ක් ජයග‍්‍රහණය සඳහා අවශ්‍යව තිබූ අතර ඒ පන්දුවේදී ශම්මු අශාන්ට රැුස්කර ගත හැකි වූයේ ලකුණු 02 ක් පමණි. ඉෂාන් ජයරත්න පන්දු 10 කදී ලකුණු 20 ක් නොදැවී ලබා ගත්තේය.

 තරගයේ 15 වැනි පන්දු වාරයේදී පැතුම් නිශ්ශංකවත්, 17 වැනි පන්දු වාරයේදී කමිදු මෙන්ඩිස්ව සහ නායක අශාන් පි‍්‍රයංජන්ව දවා ගැනීමට පුලින තරංග සමත් වූයේ පන්දුවාර 4 තුළ ලකුණු 22 කදී කඩුලූ 3 ක් දවා ගනිමිනි. ගී‍්‍රන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් සිය ලකුණු 74 සඳහා පන්දු 48 ක් තුළ හයේ් පහර 3 ක් සහ හතරේ පහර 5 ක් එල්ලකර තිබිණි. අද (14 වැනිදා) ප.ව. 2.30 ට රෙඞ්ස් සහ ගේ‍්‍රස් කණ්ඩායම් අතරත්, රාතී‍්‍ර 7.00 ට බ්ලූස් සහ ගී‍්‍රන්ස් කණ්ඩායම් අතරත් තරග පැවැත්වේ. හෙට (15 වැනිදා) විවේකී දිනයකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment