ආරාධිත විස්සයි විස්සේ වැඩ දැමූ අසිත සහ ඩිල්ශාන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි  

442

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

ආසියානු ක්‍රිකට් ශූරතාවලිය සඳහා නම් කළ සිටි ශ්‍රී ලංකා මූලික සංචිතයට ඇතළත්ව සිටි දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුසංක ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබේ. නිමාවට පත් වූ ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුසංක දක්වන ලද දක්ෂතා හේතුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.

ආරාධිත පන්දුවාර විස්සය විස්ස ක්‍රිකට් තරගාවලියේදී තරග 4කදී කුඩුලු 10ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්වන්නට ඩිල්ශාන් මදුමසංක සමත්විය. එම තරගාවලියේදී දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානය දිනා ගැනීට අසිත ප්‍රනාන්දු සමත්වූ අතර එහිදී කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 11ක් ලෙස සටහන් කර ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වී සිටි අතර පන්දුවාරයකට ලකුණු ලබා දීම 6.87ක් ලෙස අගයක රඳවා ගැනීමට ඔහු සමත්වී සිටියේය. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ අසිත ප්‍රනාන්දු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලියකට නම්කළ පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත් එළැඹෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට නම් කළ සිටි ශ්‍රී ලංකා නිත්‍ය වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු ආරාධිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී ආබාධයකට ලක්වීම මත ඔවුන් දෙදෙනාගේ සේවය ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවට අහිමිව ගොස් තිබේ.

මේ අතර ඉන්දීය සහ ඔස්ටේ්‍රලියාවට එරෙහි විස්සයි-20 සංචිත සඳහා ඇතුළත්ව සිටියද අවසන් 11 දෙනා අතරට පැමිණීමට අපොහොසත් වුණු දිනේෂ් චන්දිමාල්ද ආසියානු තරගාවලි සංචිතයට එක්ව සිටියි. පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවකු ලෙසින් පිටිය තුළ වඩා වැඩි විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට සමත්වීම ඔහුට ආසියානු කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන්වීමට හේතුවක් වී තිබේ.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදු දසුන් ශානකට හිමිව ඇති අතර උපනායකත්වය චරිත් අසලංක වෙත ලබා දී තිබේ. නම් කර ඇති විසි දෙනාගේ සංචිතයට ධනංජය ද සිල්වා සහ අශේන් බණ්ඩාර නම් කර ඇති අතර ආරාධිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී දක්ෂතා දැක්වූ ජෙෆ්රි වැන්ඩර්සේ, මතීෂ පතිරණ, ප්‍රමෝද් මදුශාන් සහ නුවනිදු ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ඩිල්ශාන් මදුශංක.

advertistmentadvertistment
advertistmentadvertistment