ආරාධිත විස්සයි විස්ස ශූරතාව සොයා රෙඩ්ස් සහ බ්ලූ අද සටනේ

189

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සොයා රෙඩ්ස් කණ්ඩායම සහ චරිත් අසලංකගේ බ්ලූස් කණ්ඩායම අද (15 වැනිදා) අවසන් මහා සටනට පිවිසීමට නියමිතව තිබේ. ඒ අනුව තරගය අද සවස කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

බ්ලුස් කණ්ඩායම සහ රෙඩ්ස් කණ්ඩායම තරගාවලියේ සහභාගි වූ පළමු තරග 3න් තරග 2 බැගින් ජය ගැනීමට සමත්වී සිටී. ඒ අනුව කණ්ඩායම් දෙකම දක්ෂතා මත සම තත්ත්වයේ පසුවේ.

තරගාවලියේ මූලික වටයේ පැවැති අවසන් තරගයද මෙම කණ්ඩායම් දෙක අතර පැවැති අතර එහිදී ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට රෙඩ්ස් කණ්ඩායම සමත්විය.

එම තරගයේදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ඉලක්කය වූ ලකුණු 179 ක ඉලක්කය හඹා යෑමේදී බ්ලූස් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් පමණි.

රෙඩ්ස් කණ්ඩායම – කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, කලන පෙරේරා, මතීෂ පතිරණ, වනිඳු හසරංග, ළහිරු මදුසංක, ලසිත් කෲසපුල්ලේ, සහන් ආරච්චිගේ, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ප්‍රභාත් ජයසූරිය, පබසර වඩුගේ, කෙවින් කොත්තිගොඩ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ,

බ්ලූස් කණ්ඩායම – චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, කසුන් රාජිත, ධනංජය ද සිල්වා, දිල්ශාන් මදුසංක, සිතාර ගිම්හාන, ලහිරු උදාර, ප්‍රවීන් ජයවික්‍රම, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුසංක, ළහිරු සමරකෝන්, සදීර සමරවික්‍රම,
 

advertistmentadvertistment
advertistmentadvertistment