ආරුගම්බේ එස්ටීඑෆ් නිලධාරීහු මුහුදේ ගිය ජීවිත 6ක් බේරා ගනිති

126

පොලිස් විශේෂ කාර්ය බළකායේ  ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරීන් විසින් එකම දිනකදී ආරුගම්බේ මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුහුදුට ගසාගෙන ගිය පුද්ගලයන් හයදෙනකුගේ ජීවිත බේරාගෙන තිබේ.

පොතුවිල් උල්ල වෙරළ තීරයේ මුහුදේ දිය නාමින් සිටියදී පෙරේදා (09 වැනිදා) මෙම පිරිස අවස්ථා හයකදී මුහුදට ගසාගෙන ගොස් ඇත. එම පුද්ගලයන් බේරා ගැනීමෙන් අනතුරුව ඔවුනට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී යළි ඥාතීන්ට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අවුරුදු 26 ත් 47 ත් වයසේ පසුවන පොතුවිල්, දොඹගහවෙල සහ පාලමුණ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනකු මෙසේ අනතුරට පත්වීමෙන් පසු ජීවිත බේරාගෙන ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment