‘ආරුගම්බේ’ නමින් ඊශ්‍රායලයීය සිනමාපටයක් රූගත කරයි

354

සනත් ගුණතිලක, බුද්ධික ජයරත්න සහ අශාන් රංගනයේ…

Marco Mordechai carmel ඊශ්‍රායල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. දස වතාවකට වඩා ලංකාවේ සංචාරය කර තිබෙන ඔහුගේ සිත්ගත් සංචාරක ගමනාන්තයක් වන්නේ ආරුගම්බේ මුහුදු වෙරළ
ආරුගම්බේ මුහුදට විශේෂ වන සර්ෆින් ක්‍රීඩාව ගැන විශාල උනන්දුවක් ඇති මාර්කෝ එය තමන්ගේ නිර්මාණයකට පාදක කරගැනීමට සිහින දැක්කේ කලක සිට. මාර්කොගේ එම සිහිනය සැබෑවක් වෙලා. “ආරුගම්බේ” චිත්‍රපටයේ රූගත කිරීම් ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරයේදී මේ දිනවල ඉතා සාර්ථකව සිදුවෙනවා. Chilik Michaeli සහ ශ්‍යාමන් ප්‍රේමසුන්දරගේ සම නිෂ්පාදනයෙන් නිර්මාණය වෙන ආරුගම්බේ සිනමාපටයේ Joy Rieger “Mira Tzur” Maor schwietzer නැමති ඊශ්‍රාල ජාතික ශිල්පීන් චරිත නිරූපණයේ යෙදෙද්දී අපේ රටේ ප්‍රවීණ නළු සනත් ගුණතිලක සමග අශාන් ඩයස් සහ බුද්ධික ජයරත්න යන ලාංකීය ශිල්පීන්ද “ආරුගම්බේ” සිනමාපටයට එක්වෙනවා.

‘ආරුගම්බේ’ නමින් ඊශ්‍රායලයීය සිනමාපටයක් රූගත කරයි

නිවාඩු නිකේතන හිමිකරුවෙක් ලෙස එහි රංගනයේ නියැලෙන ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලකගෙන් අපි මෙම සිනමා පටය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසුවා.

“සර්ෆින් ක්‍රීඩාව පදනම් කරගෙන මාර්කො නැමැති ඊශ්‍රායල අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය කරන්නෙ වසර ගණනාවක ඒ ප්‍රදේශයේ කළ සංචාරක අද්දැකීම් එක්ක. ඔහු සහ ඔහුගේ බිරිඳ තමයි මෙහි තිර රචනය ලියා තිබෙන්නෙ. මේකෙ තියෙන විශේෂත්වය ලෙස මම දකින්නෙ ඔවුන් මෙම චිත්‍රපටයට දාප “ආරුගම්බේ” කියන නම. මේක ඇත්තටම අපි අමතක කරපු ෆීල්ඩ් එකක්. ඔබට මතකද “බි්‍රජ් ඔන්ද රිවර් ක්වයි” කියන චිත්‍රපටය ලංකාවේ කිතුල්ගල කරන්නෙ අපි කුඩා කාලේ. ඒ වකවානුවේ ලංකාවට ආවේ ඩේවිට් ලීන් නැමති අධ්‍යක්ෂවරයා. මේ වැඩෙන් අපේ රටට මුදල් ලැබුණා. තාක්ෂණ දැනුම ලැබුණා. අපේ රට ලෝකයේ ප්‍රසිද්ධ වුණා. මම මේ කියන්නෙ එක චිත්‍රපටියක් ගැන විතරයි. මම හිතන් නෑ ඒ කාලෙවත් අපේ රටේ පැවති ආණ්ඩු මේක ව්‍යාපාරයක් විදියට ඉදිරියට ගෙනියන්න උනන්දු වුණා කියලා. එහෙම කළා නම් අද මේ වගේ අවස්ථාවක කොච්චර වටිනවාද.

‘ආරුගම්බේ’ නමින් ඊශ්‍රායලයීය සිනමාපටයක් රූගත කරයි

මම තව දෙයක් කියන්නම්. මේ චිත්‍රපටිය කරන්න මාර්කෝ මේ වෙලාවේ ලංකාවට එන්න හදද්දී රටේ තියන වාතාවරණයත් එක්ක පොඩි බියක් දැක්වූවා. ඒ බිය දුරු කරල මේ අවස්ථාව උදා කළේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ මංගල රන්දෙනිය සහ වර්තමාන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරුණ මැතිතුමා. ශාමෙන් මහත්මයා ලංකවේ සම්බන්ධීකරණය කටයුතු කළේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිව සිට මේ ළඟදී ඉවත් වූ කිමාලි ප්‍රනාන්දු සහ චමින්ද මුණසිංහ නැමති තරුණ නිලධාරියාත් මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. මෙවැනි මොහොතක හෝ එවැන්නක් සිදුකිරීම අගය කළ යුතුමයි.” සනත් ගුණතිලක පවසනවා.

ඔබත් ආණ්ඩුවක තනතුරක් දැරුවනෙ. ඇයි මෙවැන්නක් නොකළේ? මම ඔහුගෙන් විමසූ විට ඔහු ඊටත් මෙලෙස පිළිතුරු බැන්දා.

“ඇයි නැත්තෙ. අමිතාබ් බච්චන් ලංකාවට ගෙනාවේ මම. ඔහු දවස් එකොළහක් ලංකාවේ ෂූටිං කළා. ඒකට මට උදව් කළේ මේ වැඩවලදී මුල ඉඳලම ඉන්න චන්ද්‍රන් රත්නම්. මම කියන්නෙ මේ වැඩේ ඉදිරියට ගෙනියන්න.”

තිස්ස

‘ආරුගම්බේ’ නමින් ඊශ්‍රායලයීය සිනමාපටයක් රූගත කරයි
advertistmentadvertistment
advertistmentadvertistment