ආරුමුගම් නාවලර් සහ ඉරමනාදන් විද්වතුන්ගේ ප්‍රතිමා යාපනය සරසවියේදී නිරාවරණය කෙරේ

177

දමිල ජනතාව අතර ඉමහත් කීර්තියට පත් විද්වතුන් දෙදෙනෙකු සේම එම ජනතාවගේ ගරුබුහුමානයට පත් නායකයින් දෙදෙනකු වන ආරුමුගම් නාවලර්තුමන්ගේ  හා ඉරාමනාදන් යන විද්වතුන්ගේ ප්‍රතිමා දෙකක් යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබේ.

අදාළ ප්‍රතිමා දෙක නිරාවරණය කිරීම ඉකුත් 23 දා සවස හිංදු පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්කුනරාජා මහතාගේ

සහභාගිත්වයෙන් සිදු කරන ලදී. එහිදී අදාළ නායකයන් සිහිපත් කිරීම, එම පිළිරූ සඳහා පුෂ්පෝපහාර දැක්වීම හා එම නායකයන් වෙනුවෙන් පින් පැමිණවීම සිදු කරන ලදී.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

උතුරේ ක්‍රියාත්මක ෂාප් සංවිධානය වර්ග මීටර්  විසිඑක් ලක්‍ෂයක බිම් බෝම්බ ඉවත් කරයි

ජපානයේ හා එක්සත් ජනපදයේ අරමුදල් යටතේ උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන ෂාප් සංවිධානය විසින් වර්ග මීටර් 2,156,344 ක බිම් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය ඉවත්කොට තිබේ.

2016 වසරේ සිට 2022 අගෝස්තු මාසය වන තෙක් ඔවුන් මෙසේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බගාමම්, තචඩම්පන් ප්‍රදේශවල හා පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල සිදු කරනු ලබයි.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්
 

advertistmentadvertistment
advertistmentadvertistment