ආවා කල්ලියේ වැඞ්ඩෝ දෙදෙනෙක් සමග පහක් කොටුවෙති

75

යාපනය අර්ධද්වීපයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ ආවා කල්ලියේ ප‍්‍රබලයන් දෙදෙනකු සම`ග පස් දෙනකු තියුණු කඩු තුනක්ද සම`ගින් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පෙරේදා (25දා)අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පස් දෙනා අතරින් සිව් දෙනකු ආවා කල්ලියේ සාමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ආවා කල්ලියට තියුණු කඩු නිෂ්පාදනය කරන අයකු බව පොලිස් විර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ ප‍්‍රබලයන් දෙදෙනා ජෙනී සහ දේවා නමින් හැ`දින්වෙන බවද පොලිසිය ස`දහන් කරයි. ඔවුන් දෙදෙනා යාපනය අර්ධද්වීපයේ සිදු වන පුද්ගල පහරදීම්, බිය වැද්දීම් සහ තුවාල සිදු කිරීම් ඇතුළු සමාජ විරෝධී කි‍්‍රයා රැුසකට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය ස`දහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගියදා යාපනය මර`දනාමඩු ප‍්‍රදේශයේදී පලතුරු වෙළෙන්දකුට තියුණු අවිවලින් පහරදී තුවාල සිදු කළ සැකකරුවන් බවටද හ`දුනාගෙන ඇත. මෙම සැකරුවන් යාපනය චුන්නාකම්, මල්ලාකම්, මණිප්පායි සහ කෝපායි ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැඩිදුර විමර්ශන ස`දහා ඔවුන් යාපනය චුන්නාකම් පොලිසියට භාර දීමට කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පියවර ගෙන තිබේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment