ආවා 42ක් බඩුත් එක්ක අල්ලයි

233

උතුරේ ජනතාව බිය වද්දමින් පති‍්‍රකා බෙදා හරිමින් කඩු කිණිසි ළග තබා ගෙන සිටි ආවා කල්ලියේ සාමාජිකයින් බව කියන පුද්ගලයින් 42 ක් වවුනියාව හා කිළිනොච්චිය පළාත් වලදී පොලීසිය විසින් ඊයේ (01දා) අත් අඩංගුවට ගෙන තිබේ.
වවුනියාවේ ඕමන්ත නොච්චිකුලම ප්‍රදේශයේ සැග වී සිටි පුද්ගලයින් 16 දෙනෙකු අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සමග කටයුතුකරණ තවත් 19 දෙනෙකු කිළිනොච්චිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
ඉතිරි හත් දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් හා යාපනය ප්‍රදේශයෙන් වන අතර ඔවුන්ව අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළග පත්‍රිකා විශාල ප්‍රමාණයක් කඩු කිණිසි වෙස් මුහුණු යනාදිය තිබී තිබේ
ආවා කල්ලියේ සාමාජිකයින් බව පවසමින් පසු ගිය සතිය පුරාම උතුරේ බොහෝ පළාත් වල පත්‍රිකා විශේෂයක් බෙදා හැර තිබූ අතර ඉන් ප්‍රකාශ කොට තිබුණේ සමාජයේ වැරදි ක්‍රියා වලට යොමු වන පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment