ආශාවරී ආකර්ෂණීය සිනමා පටයක් – තේජා ඉද්දමල්ගොඩ

723

2022 ජනවාරියේ රටවල් හයක එකවර රිලීස් වෙයි

අපේ රටේ සිංහල සිනමාව ගැන වෙනස්ම විදිහට හිතන පතන අධ්‍යක්‍ෂවරයෙක් පසුගිය දවසක අපට හමුවුණා. ඔහුගේ බලාපොරොත්තුව එදා 70-80 දශකයේ තිබුණ ආකර්ෂණීය සිනමාව යළි 2022 වසරේ ඉඳල මෙරට පේ‍්‍රක්‍ෂකයාට තිළිණ කරන්න. ඔහු පුංචි කාලේ පටන් හැදී වැඩුණෙත් සිනමා පසුබිමක. එදා සුරතලී, සුර`ගනී, සුභද්‍රා, සුසී, සැලී වගේ චිත‍්‍රපට නිර්මාණය කළ සිරිල් පී. අබේකෝන්ගේ මුණුපුරා තමයි අද අපේ කථානායකයා. නමින් තේජා ඉද්දමල්ගොඩ. ඇත්තටම ඔහු සිනමාව වෙනුවෙන් කරන්න හදන්නේ මොකක්ද?

* තේජා ඉද්දමල්ගොඩගේ කුලූදුල් සිනමා නිර්මාණය තමයි ආශාවරී. කොහොමද මේ සිනමා නිර්මාණය බිහි වුණේ?

මගේ ව්‍යාපාරික කටයුතුවලට මම දියතලාවට යන්න පුරුදුවෙලා හිටියා. ඒ යනකොට මම දුටුවා කැඩෙට් නිලධාරියෙක් කොහොමද පුහුණු වෙන්නේ කියලා. හපුතලේ සිට දියතලාවට යන මාර්ගයේ කිලෝ මීටර් සියයක-එකසිය පනහක දුරක් උදේ පාන්දර තුනට ඇවිත් පාන්දර හය දක්වා මේ නිලධාරීන් පුහුණුවට ඇවිත් නැවත කඳවුරට යනවා. ඔවුන් සම`ග පිටුපසින් ගිලන් රථයක් පවා යනවා. මේ පුහුණුවන තරුණයන් අතරේ හොඳ ලස්සන දුප්පත් පවුල්වල වගේම සල්ලිකාර පවුල්වලද දරුවන් සිටිනවා. ඒ එක දරුවෙකුට තරුණියක් මුණ ගැහුණොත් මොකද වෙන්නේ. ඉතිං ඕක තමයි ආශාවරී ආරම්භ කරන්න මූලාරම්භය වුණේ.

* එතකොට මෙහි තිර රචනය වගේම අධ්‍යක්‍ෂණය නිෂ්පාදනය ඔබේද?

මේක මගෙත් රුවන් කොස්තාගේත් මූලික කතාබහක්. අපි දෙන්නා ලංකාවේ ප‍්‍රධාන වෙළෙඳ නාමවලට වෙළෙඳ දැන්වීම් පන්සියයක් විතර අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. ඒවායින් සියයට හැත්තෑ පහක් විතර කරලා තියෙන්නේ රුවන් සමග.

ආශාවරී ආකර්ෂණීය සිනමා පටයක් - තේජා ඉද්දමල්ගොඩ

අපි දෙන්නා කතාබහ කරලා අන්තිමේ මේ වැඬේට සද්ධාමංගල සූරියබණ්ඩාරව එකතු කරගත්තා. මගේ කතාව කිව්වට පස්සේ තිර රචනය නිර්මාණය කළේ සද්ධා. අපි තුන්දෙනා දර්ශන තල එහෙම බලලා තමයි කතාව හදලා දුන්නාට පස්සේ සද්ධා මංගල තිර නාටකය ලිව්වේ. දෙබස් මගේ. අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය මගේ. මට නිෂ්පාදනයෙන් සහය වුණේ නීතිඥ ප‍්‍රියන්ත අමුණුගම සහ වෛi සංජීවනී රූපසිංහ.

* ආශාවරී ඇත්තටම කවදාද පේ‍්‍රක්‍ෂකයන්ට දැකබලා ගන්න හම්බ වෙන්නේ?

අපි මේ චිත‍්‍රපටය ගිය අවුරුද්දේ ජුනි මාසේ 04 වැනිදා තමයි ප‍්‍රදර්ශනය කරන්න සූදානම් කරලා තිබුණේ. ඊට පෙරත් අපි මේ වැඬේට දින යොදාගෙන තිබුණා. දැන් අපි දින යොදාගෙන තියෙනවා. ජනවාරි මාසයේ අවසාන සතියේ වගේ ප‍්‍රදර්ශනය කරන්න සූදානමක් තිබෙනවා. වර්තමානයේ පේ‍්‍රමණීය කතාවක්, එහෙමත් නැතිනම් ආදරණීය කතාවක් තිරගතවෙලා නැහැ. මම අදහස් කරනවා පේ‍්‍රමවන්තයන් ගේ දිනයේදීත් මේක සම`ග ගත කරන්න පුළුවන්වෙයි කියලා. ආශාවරී පවුලේ චිත‍්‍රපටයක්. ලංකාවේ රිලීස් කරන දවසේදීම ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, එංගලන්තය, ඇමෙරිකාව කියන රටවල්වල ප‍්‍රධාන පෙළේ සිනමාශාලා 38 ක මේ චිත‍්‍රපටය තිරගත කරන්න සුදානමක් තියෙනවා.

* ලංකාවේ තිරගත කරන ගමන් විදෙස් රටවල තිරගත කිරීම සිදුකරන්නේ කොහොමද?

මේක ගොඩක් කල් ඉඳලා ඇතිවුණ කතාබහක ප‍්‍රතිඵලයක්. මේක අපිටත් දෙන්න කියලා විදෙස් රටවලින් ඉල්ලූවා. නමුත් මම ලංකාවේ අයට නොපෙන්වා පිටරටවල පෙන්වන්න සූදානමක් තිබුණේ නැහැ. දැන් එන්න තියෙන නවතම චිත‍්‍රපට ලංකාවේ ප‍්‍රදර්ශනය කරන්න කලින් විදෙස් රටවල ප‍්‍රදර්ශනය කරලයි තියෙන්නේ. නමුත් මම හිතුවා කොච්චර කරදර තිබුණත් අපේ අයට පෙන්වන දාට තමයි අනෙක් රටවලත් මේ චිත‍්‍රපටය තිරගත කරන්නේ කියලා. නමුත් දැන් මට අවස්ථාව උදාවුණා සිංහල සිනමාවට අවුරුදු හැත්තෑ පහක් පිරෙන අවුරුද්දේ ආශාවරී චිත‍්‍රපටය ලෝකේ හැම රටකටම පෙන්වන්න.

* තේජා ඉද්දමල්ගොඩ කියන්නේ සිංහල සිනමාවට නවක අධ්‍යක්‍ෂවරයෙක්. මේ අභියෝගය ඔබට ජයගන්න පුළුවන් වේවිද?

මගේ සීයා තමයි සිරිල් පී. අබේරත්න. ඔහු ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. සුරතලී, සුර`ගනී, සුභද්‍රා, සුගේ රහස, සුසී, සැලී, සංගීතා, කතාව දෙබස් සහ තිර නාටකය මගේ සීයාගේ. මගේ සීයා තමයි ජෝතිපාලයන් සොයාගත්තේ. තව ඔහු රෝයි ද සිල්වා, එල්. එම්. පෙරේරාව සිනමාවට හඳුන්වා දුන්නා. ඉතිං මම කුඩා සංධියේ ඉඳලා මේකේ හිටියා. විජය ස්ටුඩියෝ වගේ ලංකා ස්ටුඩියෝ මට නුහුරු නුපුරුදු තැන් නෙමෙයි. මම වෙළෙඳ ප‍්‍රචාරක මාධ්‍ය තෝරාගත්තා. ඒ වගේම සංගීතය ප‍්‍රගුණ කරලා තියෙනවා. ක්ලැරන්ස් විජේවර්ධන යටතේ මම සංගීතය හදාරලා තියෙනවා. තව මියුසික් වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතිං මම හිතුවා මේ තමයි හොඳම වෙලාව සිනමාවට එන්න කියලා. මම ඒ අභියෝගය ගත්තා. මට ඕනෑ වුණේ ලංකාවේ මිනිස්සුන්ට ආකර්ෂණීය සිනමාවක් පෙන්වන්න. නැතුව මගේ කතාවක් මම කළේ නැහැ. අපි 70,80 දැක්ක සිනමාව ආපහු ගෙන එන්නයි මට වුවමනා වුණේ. එහෙම වුණොත් විතරයි අපේ කර්මාන්තය ඉහළට යන්නේ. මේ චිත‍්‍රපටයට ගීත හතරක් ඇතුළත් කරලා තියෙනවා. මම හිතන්නේ පළමු වතාවට හේමාල්ට, සුරේන්ද්‍ර පෙරේරා ගීත ගායනා කරනවා.

නිරෝෂා විරාජිනී, උපේඛා නිර්මාණි ගේ පළමු වැනි චිත‍්‍රපටය. සංඛ දිනෙත් ගායනයෙන් සම්බන්ධ වෙනවා. තනු නිර්මාණ මගේ. සංගීතය අධ්‍යක්‍ෂණය කළේ සුරේෂ් මාලියද්ද. මම මේකෙන් උත්සාහ කරන්නේ ආකර්ෂණීය සිනමාවක් පේ‍්‍රක්‍ෂකයාට ලබාදෙන්න. මම දන්නේ නැහැ ඒක කොතරම් දුරට සාර්ථක වේවිද කියලා. මොකද මේ සිනමාව වැටිලා තියෙන තැනත් එක්ක අපි කරන්න ඕනෑ අපිට හරියන චිත‍්‍රපට නෙමෙයි. පේ‍්‍රක්‍ෂකයන්ට හරියන චිත‍්‍රපට.

ආශාවරී ආකර්ෂණීය සිනමා පටයක් - තේජා ඉද්දමල්ගොඩ



* ඔබ මේ සිනමාපටයට වියදම් කළ මුදල වසංගතයක් අතරේ ප‍්‍රදර්ශනය කරලා හොයාගන්න පුළුවන් වෙයිද?

ආශාවරී හදන්න කෝටි පහක් වියදම් වුණා. මේ චිත‍්‍රපටය ඊට එහාට යන්න ඕනෑ චිත‍්‍රපටයක්. අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ විසින් අපිට කොයි විදිහට පාවිච්චි කරාවිද කියලා. වාසනාව තියෙන්න ඕනෑ. ආශාවරී කියන නමේ හොඳ වාසනාවක් තියෙනවා කියලා මම හිතනවා. ආශාවරී කියන්නේ හින්දුස්ථානී සංගීතයේ ලස්සනම ස්වරය. මම හිතනවා ජයගන්න පුළුවන් වෙයි කියලා.

* ආශාවරී ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන හදපු සිනමා නිර්මාණයක්ද?

නැහැ. සම්මානයක් ගන්න මට වුවමනා නැහැ. මට ඕනෑ වුණේ සිනමාවට ආකර්ෂණයක් ගෙන එන්න. ඒ කාලේ චිත‍්‍රපට වල නමේ ඉඳලම වැදගැම්මක් තිබුණානේ. සම්මානයක්වත් ජාත්‍යන්තර මට්ටමේ කිසි දෙයක්වත් දිනාගන්න මට වුවමනා නැහැ. අපේ මිනිස්සුන්ට සන්තෝස වෙන්න දෙයක් කරලා දීම පමණයි මේකේ පරමාර්ථය.

* ඔබ දිගටම සිනමා නිර්මාණ කරන්න අදහස් කරලද තියෙන්නේ?

චිත‍්‍රපට තුනකට දැනට මට ඇරයුම් ලැබිලා තියෙනවා. එකක් පිටතින් ලැබුණු ආරාධනාවක්. තවත් චිත‍්‍රපට දෙකක් සඳහා මම පිටපත් ලියලා ඉවරයි. ජනවාරි මාසයේ මේ චිත‍්‍රපටය පෙන්වන්න පුළුවන් වුණොත් අපේ‍්‍රල් මාසයේ ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න පුළුවන්.

* තේජා ඉද්දමල්ගොඩගේ සංගීත භාවිතාව ගැනත් කතා කළොත්?

මගේ ප‍්‍රධාන පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. ජනක රත්නායක සහ ක්ලැරන්ස් විජේවර්ධන. මගේ චිත‍්‍ර ගුරුවරයා ජනක රත්නායක. මම ඉස්සර චිත‍්‍ර කතා ගොඩක් ඇන්දා. ඒ කාලේ ගොඩක් දෙනෙක් හිතුවේ මම ගැහැණු ළමයෙක් කියලා. ඉතිං මම අරලිය, කුමරි, සිත්තර, සතුට, සුහද, වගේ පත්තරවල චිත‍්‍ර කතා ඇන්දා. සංගීතය ඉගෙනගත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙන්. මම තනු නිර්මාණය කරන්නත් පටන් ගත්තා. ෂිහාන් මිහිරන්ගගේ මිහිරාවියේ, අමිලා නදීෂානිගේ ඔබ දන්නවාද දන්නේ නැහැ, උපේක්‍ෂා නිර්මාණිගේ පිවිතුරු සිතත්, ඇනෙස්ලි මාලෙවන, මරියසෙල් ගුණතිලක, කීර්ති පැස්කුවල් වගේ ප‍්‍රවීණයන් රැුසකගේද ගීතවල තනු නිර්මාණය කරලා තියෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment