ආශාවරී තිරගතවූ දා කී කතා….

494

ආශාවරී තේජා ඉද්දමල්ගොඩගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. ආකර්ෂණීය වාණිජ සිනමාපටයක් ලෙස මේ වන විටත් අවධානයට ලක්ව ඇති ආශාවරී සිනමාපටය පසුගිය 03 දා සිට දිවයින පුරා ඇති සිනමාහල්වලදී ප‍්‍රදර්ශනය වීම ඇරඹිණ.

ආශාවරී සිනමාපටය තිරගත කරවීමට පෙර එහි පූර්ව ප‍්‍රචාරක කටයුතු ඇරඹුණේ මීට තෙමසකට පමණ පෙර සිටය. එතැන් පටන් එහි ගීත සහ පූර්ව ප‍්‍රචාරක පටය බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වූයේ එහි දර්ශනවල වූ සිනමාරූපී ගුණය නිසාය.

‘‘මටත් තේජටත් අවශ්‍ය වුණා මේ චිත‍්‍රපටයට මෙතෙක් ලංකාවේ නොදැකපු දර්ශනතල යොදාගන්න.’’

ආශාවරී තිරගතවූ දා කී කතා....

ආශාවරී කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා සඳහන් කරන්නේය. එවැනි මනස්කාන්ත දර්ශනතල පසුබිමෙහි රූගත කළ ආශාවරී චිත‍්‍රපටය ගැන කලා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ අදහස් මෙසේය.

‘‘මෙවැනි චිත‍්‍රපටි අපට ඉතාම අවශ්‍යයි පේ‍්‍රක්ෂකාගාරය ආකර්ෂණය කරන්නට’’ ප‍්‍රවීණ චිත‍්‍රපටි විචාරක අජිත් ගලප්පත්ති කියන්නේය.

‘‘ආශාවරී නිසා සිංහල සිනමාවට අලුත් පණක් ගත්තා කියල බය නැතිව කියන්න පුළුවන්’’ එසේ කියන්නේ ප‍්‍රවීණ නිවේදක කැලුම් විජේසූරියයි.

‘‘ආකර්ෂණීය සිනමාවේ හිඩැස පුරවන්නට ආශාවරිට පුළුවන් යැයි කීවේ කලක් රිදී තිරයේ සිහින කුමරා වූ ජීවන් කුමාරතුංග ය.

එවැනි සුබවාදී මත පළ වන ආශාවරී සිනමාපටය දැන් තිබෙන්නේ පේ‍්‍රක්ෂකයා සහ මාධ්‍ය අතේ බව පවසන්නේ මෙම චිත‍්‍රපටයේ නිමැවුම්කරුවා වූ තේජා ඉද්දමල්ගොඩ ය.

තේජා ඉද්දමල්ගොඩගේ කතාවකට අනුව සද්ධාමංගල සූරියබණ්ඩාර පිටපත් රචනා කළ ආශාවරී සිනමාපටයේ හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, ජයනී සේනානායක, සාරංග දිසාසේකර, සේමිණි ඉද්දමල්ගොඩ, ඉශංකා ජාන්වී ඇතුළු ශිල්පීන් චරිත නිරූපණයෙන් එක්වේ.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment