ආශාවරී සහ මායා නොමිලේම ප්‍රදර්ශනය කෙරේ

274

ස්වර්ණවාහිනිය, ශ්‍රී FM සහ EAp චිත්‍රපට සමාගම සමග එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිමහන් සිනමා ප්‍රදර්ශනයක අත්දැකීම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාව වෙත නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. එමගින් අති නවීන ශබ්ද තාක්ෂණය සපිරිව සිනමා අද්දැකීමක් විඳගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන අතර දේශීය සිනමාව ප්‍රවර්ධන කිරීමේ අරමුණින් මෙය සිදුවේ. මෙම වැඩසටහනේ පළමුවැන්න ලෙස අගෝස්තු 27 වැනිදා සවස 5.00 සිට, කුරුණෑගල උඩවල්පොල ක්‍රීඩාංගණයේදී පැවත්වෙන මෙම එළිමහන් සිනමා ප්‍රදර්ශනයේදී, හේමාල් රණසිංහගේ රංගනයෙන් හැඩවූ ‘ආශාවරී’ සහ ශ්‍රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව රන්ජන් රාමනායකගේ සහ පුබුදු චතුරංගගේ රංගනයෙන් හැඩ වූ ‘මායා’ චිත්‍රපට ද්විත්වය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එදින හේමාල් රණසිංහ සහ පුබුදු චතුරංග හමුවීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයාට හිමිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment