ආශිර්වාදයට ගෙනා ලක්‍ෂ දහය කෝවිලේ දී පැහැරගත් දෙදෙනා ගැන පරීක්‍ෂණ

123

යාපනයේ ව්‍යාපාරිකයකු විසින් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා වැය කිරීමට සූදානම් කළ රුපියල් ලක්ෂ 10 ක මුදලක් කෝවිලක තබා ආශිර්වාද ලබා

ගැනීමට ගිය අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනකු එම මුදල පෙරේදා (19 දා) පැහැරගෙන ගොස් තිබේ.

යාපනය කොටුව ආසන්නයේ පිහිටි මුනිඅප්පර් කෝවිල වෙත මෙම මුදල රැගෙන ගිය ව්‍යාපාරිකයා කෝවිලේ පූසාරිවරයා ලවා මුදල්වලට ආශිර්වාද කරමින් සිටියදී හදිසියේම කෝවිල තුළට පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම මුදල කොල්ලකා පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment