ආශුට ලෙඩේ වැටුණ කතන්දරේ හැබෑ අන්දරය

297

අපට පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සම්බන්ධයෙන් මතුව ඇති සුනඛ කථිකාව තුළ ඇති දේශපාලනය වැදගත් නැත. ආශුගේ පෞද්ගලික ජීවිතය ගතකරන ආකාරය ද අපට වැදගත් නැත. එහෙත් සිදුවීම සම්බන්ධයෙන් මතුව ඇති ‘සුනඛ කාරණය’ කතාබහ කළ යුත්තක් බව කල්පනා කළෙමු. අතිශය සංකීර්ණ වූ මනෝ විද්‍යාත්මක කාරණයක් වන ඒ පිළිබඳ අපි සියුම් ලෙස අප විමසා බැලුවෙමු. මේ ඒ ගැන ලියවෙන සටහනකි.

සිරිපාල කසාද බැන්දේ මෑතක දී. සිරිපාලගේ තාත්තට හරක් පට්ටියක් තිබුණා. වයසට ගිය හින්දා මේ හරක් පට්ටියේ වැඩකටයුතු තම පුත්‍රයාට එයාගේ තාත්තා පවරලා දුන්නා.

සිරිපාලගේ අලුත ගෙනා මනමාලි සති දෙකක් යන්ටත් පෙරාතුව එයාව දාල ගියා. මහගෙදරට ‘ඇයි උඹ ඒ මිනිහා දාලා ආපහු ගෙදර ආවේ’ මනමාලිගේ අම්මා දුවගෙන් ඇහුවා. ‘අනේ අම්මේ ඒ මිනිහා මහා වනචර මිනිහෙක්. ගෙදර ඇතිකරන සත්තු එක්කත්’ මනමාලිට එතැනින් එහාට කතාකර ගන්න බැරි වුණා.

‘අනේ දෙයියනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවා ද?’ අම්මා නිකටේ අත තියා ගත්තා. සිරිපාල ගැන නොයෙකුත් කතා ගමේ ගොඩේ පැතිරිලා තිබ්බත් මේ කතාවල ඇත්ත නැත්ත හොන්න කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඒත් සිරිපාලගේ විවාහ දිවිය විසිරිලා ගියේ මේ අමුතුම හැසිරීම හින්දාම තමයි. මනෝ විද්‍යාත්මක පාර්ශ්වයෙන් මෙම චර්යාව නම් කෙරෙන්නේ Zoophilia ලෙසට ය. මෙයින් අරුත් ගැන්වෙන්නේ ‘තම ලිංගික සෘතුෂ්ඨිය ලබාගැනීම සඳහා සතුන් උපයෝගී කර ගැනීමය.’ ලෝකයේ බොහෝ රටවල මෙම චර්යාව නෛතිකව වරදක් ලෙසට විග්‍රහකර ඇත. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ප්‍රකාරව ‘යම් පුරුෂයකු ස්ත්‍රියක හෝ සතකු සමග ස්වභාව ධර්මයට විරුද්ධව කැමැත්තෙන්ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනත්තකුට අවුරුදු දහය දක්වා කාලයක දෙආකාරයකින් එක් ආකාරයට බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත්විය යුතුයි වනුවෙනි.

සත්වයන් සමග ලිංගික චර්යාවන් පැවැත්වීම පිළිබඳ විවිධාකාර වර්ගීකරණ පවතී. සත්වයන් සමගින් ලිංගිකව හැසිරීම පිළිබඳ විස්තර කිරීම සඳහා විවිධාකාර වූ මනෝ විද්‍යාඥයන් විවිධ වදන් ද භාවිත කර ඇත. Zoophilia, Zoophilism, Bestiality ” Zooerasty එබඳු වදන්වලින් කිහිපයකි. විවිධ මානයන් ඔස්සේ මෙම චර්යාව විග්‍රහ කළ කතුවරුන් මෙම වදන් භාවිත කර ඇත. Aggrawal 2009 දී පෙන්වා දෙන ආකාරයට සතුන් සමග මෙබඳු ලිංගික එක් වීමකට අතිශයින්ම ගිජු තැනැත්තන්ගේ වර්ගීකරණය විශේෂිත වෙයි.

ආශුට ලෙඩේ වැටුණ කතන්දරේ හැබෑ අන්දරය
පළමු සියවසට අයත් ලාම්පුවක දැක්වෙන සිතුවමක්

මානව සහ සත්වයන් ලිංගික ක්‍රියාකාරකයන් ලෙසට හැසිරීම (Human animal role Players) මෙයින් මුලින්ම කියැවේ. තමන් නිවසේ තමන්ම ඇති දැඩිකරන සත්වයන් තමන්ගේ ලිංගික හැසිරීමේ කොටස්කරුවන් කර ගැනීම මෙයින් අදහස් වෙයි. එහෙත් ඔවුන් සත්වයන් සමග ලිංගික ක්‍රියාදාමයන්හි නිරත නොවෙති.

තවත් වර්ගීකරණයකට අනුව සත්වයන් සමග අසීමිත ආදරයක් සමගින් ප්‍රේමාන්විතව දිවිගෙවන කොටසක් ද වෙති. ඔවුන් හඳුන්වන්නේ ‘Romantic Zoophiles’ ලෙසට ය. මෙම අහිංසක සත්වයන් මානවයන් උපයෝගීකර ගන්නේ ඔවුන්ගේ මනෝලිංගික උත්තේජන කටයුතු සඳහා ය. එහෙත් මොවුන් ද සතුන් සමග ලිංගික හැසිරීමකට යොමු නොවෙති.

Zoophilic Fantasizers යනුවෙන් හඳුන්වන සත්ව ප්‍රේම උන්මාදයන්ගේ චර්යාව තුළ දී ඔවුන් ප්‍රකට කරන්නේ අමුතුම හැසිරීමකි. මෙම අහිංසක සත්වයා ඉදිරියේ හෝ ඔවුන් සමීපයෙහි තබාගෙන මොවුන් ස්වයං වින්දනයෙහි යෙදීම ය.

ඒත් තමන්ගේ ආදරය සෙනෙහස පතන අහිංසක සත්වයාගේ ශරීරයේ නොයෙක් අංග ස්පර්ශ කරමින්, සුරතල් කිරීමෙන් ‘අමුතු ආස්වාදයක් ලබන්න වුන් ද වෙති. ඇතැමුන් ලොමින් වැසීගිය ඇතැම් සතුන්ගේ ශරීර ස්පර්ශ කරමින් අමුතු ආස්වාදයක් වී ඇති සත්වයන්ගේ ලිංගික ප්‍රදේශ, පශ්චාත් ප්‍රදේශ ඔවුන් ගේ උත්තේජන ස්ථානු බවට පත්වෙයි. මෙම වර්ගීකරණය අග්‍රාවාල් හඳුන්වා දෙන්නේ Tactile Zoophiles ලෙසට ය.

අසීමිතව ලිංගික ආශාවන් සපුරා ගන්නට ඔවුන්ට පරපීඩාකාමුකයෙකු ලෙසට හැසිරෙන තැනැත්තන් වර්ගීකරණය කර ඇත්තේ ‘Sadistic Bestials’ ලෙසට ය. සතුන්ට ශාරීරිකව හිංසන හා තුවාල සිදුකොට ඔවුන්ට වධහිංසා කොට තමන් ලිංගික උත්තේජනයක්
ලබාගැනීම මොවුන්ගේ අභිලාෂයයි.

මිනිස් ආශාවන් පරිදිම කාන්තාවන් හෝ සහකරුවකු සමග මානව ලිංගික සබඳතා පවත්වන නමුදු අවස්ථාවක් ලැබුණු විටදීම ඔවුන් සත්වයින් සමග වුවද ලිංගිකව එක්වෙති. ඔවුන් සුනිල් අග්‍රාවාල් හඳුන්වා දෙන්නේ අවස්ථාවා දී ලෙසට හැසිරෙනු සත්වලිංගික කාමුකයන් ලෙසට ය. (Opportunistic Zoosexuals) ලෙසට ය.

බොහෝදුරට ප්‍රශ්නගත හා සමාජයීය පිළිකුලට පාත්‍රවෙන මෙම චර්යාවේ කූටප්‍රාප්තීන් දෙකක් ලෙසට සැලකෙන්නේ නිරතුරුව ම සත්වයින් සමග ලිංගිකව එක්වීමට ක්‍රියා කිරීම ය. මෙබන්දන් Regular Zoo Sexuals ලෙසටත් නම්කෙරේ. කොතරම් රූ සිරියෙන් පිරි යුවතියක් මෙබන්දන් විවාහපත් කර ගත්තත්, එබඳුම රූසිරි සපිරි ප්‍රේමවන්තියක් ඇසුරු කළ ද තමන්ගේ නිවසේ සිටින අහිංසක තිරිසන් සත්වයා සමගින් එක්වීම ඒ සියල්ලට ම වඩා තෘප්තිමත් බව ඔව්හු සිතති. තමන්ගේ පළමු ලිංගික ආශාවන් තමන්ගේ පළමු කැමැත්තක් ඔවුන් පිරිනමන්නේ සත්වයා සමග ලිංගික චර්යාවෙහි නිමග්න වීමට ය. සිරිපාලට ද සිදුවූයේ එයම ය. අවසාන වර්ගිකරණයද සාහසික ය. තැති ගන්වන සුළු ය. තමන්ගේ ප්‍රියතම සත්වයාව මරා දමා එම මෘත දේහය සමගින් ලිංගිකව හැසිරීම (Homicidal Bestials) ලෙයට හඳුන්ව යි. අප කිසිවකු මෙම චර්යාව අනුමත නොකරන්නෙමු. ශිෂ්ටාචාරවත් මිනිසෙකුට, ගැහැනියකට මෙබඳු චර්යාවක් ගැන සිතා ගැනීම පවා උගහට ය. බොහෝ මනෝ විද්‍යාඥයන් ප්‍රධාන කාරණා ත්‍රිත්වයක් මේ චර්යාවට මූලපාදක වනබව හෙළිදරව් කරති. මානසිකව තමන්ගේ චිත්තාවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව අවට සමාජ සබඳතා මට්ටම්වල දිවිගත කිරීම එම කරුණුවලින් අතිශයින්ම සුවිශේෂී වෙයි.

බොහෝ මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම චර්යාවට ප්‍රවේශ වූවන් හා එහි දිගින් දිගට ම ඇබ්බැහි වූවන් ලෙසට හැසිරෙන්නේ මනෝ විද්‍යාත්මක අක්‍රමිකතාවකින් ඔවුන් පෙළෙන නිසා ය. (Psychological Abnormality) බොහෝවිට මෙම චර්යාවට නූගත් ගැමියන් යොමුවන ආකාරයක් ගැනත් ඉන්දියානු ප්‍රජා වෛද්‍ය සඟරාවට පර්යේෂණාත්මක වාර්තාවක් සැපයූ සුජාතා සතාපති සහ රජිනිකාන්ත් ස්වායින් පෙන්වා දෙයි. ගව පට්ටිවල දිගු කාලයක් සේවය කරන තැනැත්තන් කටුක හා දුෂ්කර රැකියාවල සේවය කරන්නවුන් ඇතැම් විට මෙම චර්යාවන්ට අනුගතවන බව ය.

මෙබඳු චර්යාවට නතු වූවන් සමාජයීය ජීවිතයේ දී කෙලෙස ‘බාහිරව’ සිටියත් ඔවුන්ගේ අභ්‍යන්තර දිවිය ගැටලුවලින් පිරී පවතී. මොවුන් කිසිවකු කෙරෙහි තදබල විශ්වාසයක් නොවෙති. බියකරු හා අවදානම් සහගත දේ සිදුකිරීමට මෙන්ම, තමන් කෙරෙහි අවධානය ලබා ගැනීමට ද වඩාත් රුචි කරති. තමන්ගේ තෘප්තිය උපරිම කර ගැනීම සඳහා කුමන ආකාර කටයුත්තක් හෝ (නීති විරෝධී වුව) නියැළෙන්නට ද පසුබට නොවෙති. ඔවුන් වෙතින් සහ කම්පනයක් (Empathy) දැක ගැනීමට අසීරු ය. නිරතුරුවම සැක මුසු චරිතයක් ලෙසටත් ඔවුන් තම දිවිය ගත කරති.

ආශුට ලෙඩේ වැටුණ කතන්දරේ හැබෑ අන්දරය

සත්වලෝලි කටුකත්ව චර්යාවට පුද්ගලයකු යොමු වන්නේ කෙසේද මේ පිළිබඳවත් බොහෝ පිරියෙදුම් සිදුකර ඇත. ඉන් ප්‍රධානතම අනාවරණයක් ලෙසට සැලකෙන්නේ කුඩා කාලයේදී දරුණු ලිංගික හිංසනයකට ලක්වීම ය. පූර්ව ගැටවර වියේදී වාර කිහිපයක්ම මේ ආකාරයේ ලිංගික අතවරවලට ලක්වීම පාදක කරගෙන ලිංගික චර්යාව දැඩි ආක්‍රමණශීලී චර්යාවක් බව එයට ගොදුරු වූ බාලයා හඳුනා ගනී. මෙම හිරිහැරය හා පීඩනය මෙම බාලයා ඇතැම් විටෙක පිට කරන්නට උත්සාහ ගන්නේ සත්වයන්ට තමන් දුක්විඳි අපහසුව ලබා දීමෙනි. කුඩා කාලයේ පටන්ම මෙම ආකාරවූ ලිංගික හිංසනයකට ලක්වීම පදනම්ව වඩාත් සුව සම්පන්ව තමන්ගේ සහකරු සහකාරියන් සමග ජීවිත සබඳතා පවත්වාගෙන යෑම අසීරු වන්නේ මෙබන්ධන් අනෙක් පුද්ගලයන්ව විශ්වාස නොකරන හෙයිනි. මේ නිසා ම ඔවුන් ලිංගික සහථාශයන් ඉටුකර ගැනීමට උත්සාහ ගන්නේ සමාජයීය අසම්මතයන්ටය. දර්ශනකාමීත්වයට යොමුවීම මෙන්ම තමන්ගේ බලය යොදා පහසුවෙන්ම මෙල්ල කර ගත හැකි කණ්ඩායම් සමගින් (දරුවන්, සත්වයින්) ලිංගිකව හැසිරීමට ඔවුන් යොමුවෙති.

මෙබන්ධන් පිළිබඳව කළ මනෝ විද්‍යාත්මක විමර්ශනවලදී ද නොයෙකුත් පියකරු සාධක එළිදැක්වී ඇත. මොවුන් බහුතරයක්ම කායික හා ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට ඇති ගැටලුකාරී බවකින් කල්ගත කර ඇත. එසේම ඔවුන්ගෙන් නොමේරූ බහුතරයක්ම චිත්ත වේගාත්මක සහ ලිංගික නොමේරූ බවකින් කල්ගත කොට තිබේ. එසේම ඔවුන්ට තවත් කෙනකු සමග වඩාත් චිත්ත වේගාත්මක සබඳතාවන් ගොඩනංවා ගැනීම ද දුෂ්කරව තිබේ. (Beetz) ඔවුන්ගේ අනාගත දිවියෙහි ඔවුන් වෙතින් අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයට (Interpersonal Violence) මෙන්ම ලිංගික ආයෝජකයකු වශයෙන් ක්‍රියා කරන්නට ඉඩකඩ තිබේ.

මෙම චර්යාවන් පිළිබඳ අපේ සමාජයේ කතා බහ කරන්නේ ද සංවාද විසංවාද පැන නඟින්නේ ද කිසියම් සිදුවීමක් සිදු වූවායින් අනතුරුව ය. එහෙත් මෙබඳු මනෝ ව්‍යාධිකයන් අප අතර එමට සිටිති. ඔවුන් කොතරම් ඉහළ සමාජ නිලතල තනතුරු දැරුවත් ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතය තුළින් ප්‍රෝයිස් කීවා සේ කිනම් මොහොතක හෝ මානවයාගේ සිත්හි තිරශ්චීන සහථාශයන් (Animal Instinct) කොයි මොහොතේ කිනම් ලෙසකට ඉස්මතු වේද යන්න පිළිබඳව පුරෝකථන ප්‍රකාශ කිරීම ද අසීරු ය. Zoophilia චර්යාව ද එබඳු එකකි. එහෙත් මෙම චර්යාවට අනුගත වූවන් මෙන්ම නිරතුරුව ම මෙම චර්යාවට හුරු පුරුදු වූවන්ගෙන් බරපතළ සමාජමය හානියක් ඉස්මතු විය හැක්කේ. ඔහුට ම පාලනය කරගත නොහැකි මෙම චර්යාව කුඩා දරුවන් වෙතට ඔහුට විතැන් කරගතහොත් සිදුවිය හැකි විනාශය සුළුපටු නොමැත.

සමාජය, සංස්කෘතිකමය වශයෙන් ද මෙම හැසිරීම ලිංගික තහංචියක් (Sexuall Taboos) ලෙසටත් විග්‍රහකර ගත හැක්කේය. නෛතිකව මෙන්ම සමාජමය වශයෙන් ද මෙම අසම්මත චර්යාව ගර්හාවට පාත්‍ර වෙයි. හුදෙක් මෙම අසම්මත හැසිරීම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පාලනය කර ගැනීමට උත්සාහ දරනවාට වඩා මෙබඳු හැසිරීමකට දිගින් දිගට ම ඇබ්බැහි වූවෙකු ඒ සඳහා සුවිශේෂ හැකියාවන් සහිත මනෝ වෛද්‍යවරයකුගේ පිහිට පැතීම කළ යුතුව ම තිබේ.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
හිටපු කථිකාචාර්ය සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment