ආසයි මං පියාඹන්න

294

ගායන කුසලතා හැකියාවන් විවිධ වයස් සීමාවන්වලදී විවිධ හැඩතල ගත්තද සතත අභ්‍යාසවල යෙදෙමින් එය ප‍්‍රගුණ කරන්නේ නම් රසික හදවත්වලට දැනෙන ආකාරයට ගායනා කිරීමෙහි හැකියාව පවතී.

ආචාර්ය කොන්සි පෙරේරාට ඇත්තේ එවැනි හැකියාවකි. මේ දිනවල තමන්ගේ ගීත කිහිපයක් කරළියට ගෙන එමින් ඇය කලා ලොවට අවතීර්ණ වී සිටින්නීය.

විශාරද ජගත් වික‍්‍රමසිංහයන් විසින් ආචාර්ය කොන්සි පෙරේරා මහත්මිය කලා ලොවට හඳුන්වාදී ඇති අතර ඇයගේ ගීතවලට සංගීතයෙන් හැඩ වැඩ කරමින් විශාල දායකත්වයක් ලබාදී ඇත. තවද ඇය විසින් ගායනා කරන ‘ඔබ මගේ කියා’ කියන ගීතය සඳහා ද විශාරද ජගත් වික‍්‍රමසිංහයන්ගේ හඬින් ඇයට සහාය ගායනය ලබාදී ඇත. ‘ආසයි මං පියාඹන්න’ චිත‍්‍රපටයෙන් කලා ලොවට පිවිසෙනි ඇයගේ මෙම ගීත සමුච්චයේ පදරචනය ආරියිසංහ පෙරේරා මහතා විසින් නිර්මාණය කර ඇති අතර ඉදිරියේදී සී ඞී තැටියක් ලෙසින් කරළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටී.

සටහන – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment