ආසාදන රෝගවලට මුහුණදීමට

158

මේ වන විට බොහෝ දෙනා නිතර අසනීපවලට ගොදුරුවන බව අසන්නට ලැබේ. විශේෂයෙන්ම ආසාදන රෝගවලට ගොදුරුවීම ඉතා ඉක්මනින් සිදුවේ.

මේ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු 03 ක් ඇත. වාතය දූෂණය වීම, ජලය දූෂණය වීම සහ ආහාර පාන දූෂණය වීමය. මෙලෙස අපගේ ශරීරයට අත්‍යවශයෙන් බලපාන ප්‍රධාන කරුණු තුන දූෂණය වී තිබීම නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීමට පටන් ගෙන ඇත.

මෙම තත්ත්වය නිසා විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයෝ නිතර සෙම් රෝගවලට ගොදුරු වෙති. මෙලෙස සෙම් රෝගවලට ගොදුරු වූ විට ඔවුන් වහා සිදුකරන්නේ විවිධ ඖෂධ වර්ග භාවිත කරමින් ඉක්මනින් රෝගය සුවකර ගැනීමය. නමුත් එය සිදුකළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. එසේ නොවුණ හොත් අනවශ්‍ය ලෙස සිරුරට ඖෂධ වර්ග ගැනීම නිසා අක්මාව සහ වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල විය හැකිය.

ආසාදන රෝගවලදී ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ සිරුර උණුසුම්ව තබා ගැනීමය. ඒ සඳහා උණු ජලය පානය, කොත්තමල්ලි වෙනිවැල් ගැට මිශ්‍රකර තම්බාගත් ජලය පානය, දෙහි දොඩම් යුෂ පානය, විවේකීව සිටීම ආදිය කළ යුතුය. මහා සෘෂිනාඩි වෛද්‍යවරුන් මෙවැනි රෝග හමුවේ පවසා ඇත්තේ කොහොඹ කොළ සහිත කාමරයක නිදාගන්නා ලෙසය. එමගින් අවට පරිසරයේ ඇති විෂබීජ විනාශ වන නිසා වෙනත් බාහිර විෂබීජ සිරුරට ඇතුළුවීමෙන් වළකී. එවිට සිරුරේ ප්‍රතිශක්තිය අනවශ්‍ය ලෙස වැය නොවීම නිසා දැනට ආසාදනය වී ඇති රෝගය ඉතා ඉක්මනින් සුව වේ.

බොහෝදෙනා අසනීපයක් වූ විට ආහාරපාන නොගනී. කන්න බෑ, කට තිත්තයි, කෑම රුචියක් නෑ ආදී ලෙසින් පවසති. ආහාරපාන නොගැනීම නිසා සිරුර තවත් දුර්වල වේ. එනිසා හැකි අයුරින් දවසේ ප්‍රධාන ආහාර වේල් තුන ගත යුතුය. විශේෂයෙන්ම දිනකට ජලය ලීටර් තුනක පමණ ප්‍රමාණයක් ගත යුතුය. එය උණුකර නිවාගෙන මද රස්නයෙන් යුතුව පානය ඉතා ගුණදායකය.

අසනීපයක් ඇති විට මස් වර්ග ආහාරයට ගැනීම සීමාකළ යුතුය. එම ආහාර දිරවීමට වැඩි කාලයක් ගතවන බැවින් එය සිරුරට වෙහෙසකරය. එනිසා එළවළු වර්ග, කුඩා මාළු වර්ග ආදිය ආහාරයට ගත හැකිය. අසනීපයකින් පසුවන විට ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම ද සීමා කළ යුතුය. එවැනි ධාන්‍ය ආහාර, දවසේ එක් වේලකට පමණක් එක්කර ගැනීම ගුණදායකය.

හැකිතාක් කැකිරි, පිපික්‍ඳ්ඤා, වැටකොළු, දඹල වැනි එළවළු ආහාරයට එක්කර ගැනීම ගුණදායකය.

ආසාදන රෝගවලට මුහුණදීමට

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය,
සෙම් රෝග සහ ආතරයිටීස්, පිළිකා රෝග පිළිබඳ
විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment