ආසාදිත දරුවෝ 29 ක් කරාපිටියේ

112

කරාපිටිය ශික්ෂණ රෝහලේ හා අක්මීමන මැලිබන් රෝහලේ ඊයේ (30* දිනය වනවිට කොවිඞ් ආසාදිත ළමුන් 29 දෙනෙකු ප‍්‍රථිකාර ලබමින් සිටින බව කරාපිටිය රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

 අක්මීමන මැලිබන් රෝහලේ කොවිඞ් ආසාදිත දරුවන් සඳහා වෙනම වාට්ටු සංකීරණයක් ස්ථාපිත කොට ඇත. එහි ආසාදිත ළමුන් 22 ක් හා එම දරුවන්ගේ මව්පියන් 22 ක් සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා පවසයි. එමෙන්ම කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 02 ක්, 68 වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 05 ක් ප‍්‍රථිකාර ලබන බවද ඒ මහතා පවසයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment