ආසාදිත මව්වරු කිරි දෙන්න බයවෙන්න එපා – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

264

මව් කිරිවලින් කොවිඞ් වයිරසය දරුවන්ට සම්පේ‍්‍රෂණය වන බවට මෙතෙක් කිසිඳු පරීක්ෂණයකින් තොරතුරු හෙළිවී නැති නිසා මව්වරුන්ට කොවිඞ් වැළඳුණත් දරුවන්ට මව්කිරි දීම නතර නොකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (05දා) පැවැසීය.

මවට කොවිඞ් ආසාදනයවී දරුවා ආසාදිත නොවූ තත්ත්වයේ සිටියද මව්කිරි දීම නොකඩවාම කළ යුතු බව පැවසූ දීපාල් පෙරේරා මහතා මවට මුව ආවරණයක් පැළඳ මුහුණ පසෙකට හරවා ගෙන කිරි දීමේ කටයුතු කළ හැකි බවද පෙන්වා දුන්නේය.

රටපුරා කොවිඞ් ආසාදනයවූ මවුවරුන් විශාල පිරිසක් දරුවන්ට මවුකිරි දීම නතර කර ඇති බවට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ට තොරතුරු ලැබිලා තියෙනවා.

දරුවෙකුට මුලින්ම මවගේ කිරි අනිවාර්යයෙන් ලැබිය යුතුයි. එම මුල් කිරිවලින් ලැබෙන ප‍්‍රතිශක්තිය වෙන කිසිදු දෙයකින් ලබා ගන්න බෑ. නියම කාලයට මව් කිරි නොලැබීමෙන් දරුවන්ට පසුකාලීනව පිළිකා, ළමා හතිය, දියවැඩියාව වැනි විවිධ ආබාධවලට ගොදුරු විය හැකි බවට වෛද්‍ය පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන තියෙනවා. ඒනිසා සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් දරුවාට අනිවාර්යෙන්ම මව්කිරි ලබාදීම සිදුකළ යුතුයි යැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment