ආසාදිත රෝගීන් කඩිනමින් රෝහල් ගත කරන්න දානපති අසිතගෙන් ගිලන් රථයක්

154

පන්නල සෞඛ්‍ය බල ප‍්‍රදේශයේ කොවිඞ් ආසාදනය වන රෝගීන් රෝහල් කරා රැුගෙන යෑම සඳහා ලබා ගන්නා ගිලන් රථ සේවයට අමතරව හදිසි අවස්ථාවලදී කඩිනමින් එම රෝගියා නිවසෙන් රෝහලක් වෙත රැගෙන යෑමට යොදාගත හැකි රථයක් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ සහභාගිත්වයෙන් පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදෙනු ලැබීය.

ප‍්‍රදේශයේ දානපතියෙකු වන ජේ. ඒ. අසිත සුදේෂ් ජයසිංහ මහතා විසින් මෙම රථය පරිත්‍යාග කර ඇති අතර එයට අමතරව අනුර ප‍්‍රියදර්ශන යාපා ඇතුඵ දානපතීන් කිහිපදෙනකුද මෙම සත්කාරක සේවය ආරම්භයත් සමග එය ඉදිරියට පවත්වාගෙන යෑමට මූල්‍යමය හා ආරක්ෂක ඇඳුම් ඇතුඵ අවශ්‍ය උපකරණ සඳහා දායකත්වය ලබාදී ඇත. පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා වෙත වාහනය භාරදෙන අයුරු. පන්නල සොඛ්‍ය වෛද්‍ය නිලධාරී සාමා හේරත් මහත්මිය හා කොවිඞ් කමිටුවේ සාමාජිකයන්ද මෙහි වෙති.

සඳලංකාව – ධම්මික රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment